lan englan tam

පුවත්

ජන.09 නිකුත් වීමට නියමිතව තිබූ තලපති විජේගේ 'ජන නායගන්' චිත්‍රපටය කල් යයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එළඹෙන ජනවාරී 09 වනදා සිට ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසකදී තිරගත වීමට නියමිතව තිබූ තලපති විජේගේ 'ජන නායගන්' (Jana Nayagan) චිත්‍රපටය නිකුත් වීම කල් දැමීමට සිදුව ඇති බව චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම වන KVN Productions මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මේ ආකාරයෙන් චිත්‍රපටය ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ ඉන්දීය central board of film certification (CBFC) මගින් තවමත් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය අවසර සහතිකය සහතිකය නිකුත් කිරීමට කටයුතු නොකිරීම නිසායි.

'ජන නායගන්' චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයන් අපේක්ෂාවෙන් සිටි නිර්මාණයක් වන්නේ මෙය තලපති විජේගේ සිනමා දිවියේ අවසන් සිනමා නිර්මාණය ලෙස සැලකෙන බැවිනි. තලපති විජේ විසින් පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසීම නිසා සිය දශක හතරක සිනමා දිවියට මෙම චිත්‍රපටයෙන් පසු සමුදීමට නි‍යමිතයි.

එමෙන්ම විජේගේ TVK පක්ෂය තව මාස 4ක් වැනි කෙටි කාලයකින් පැවැත්වීමට නියමිත තමිල්නාඩු මැතිවරණයට ද තරග කිරීමට නියමිතව තිබීම නිසා මෙහි උණුසුම තවත් ඉහළ ගොස් තිබෙනවා.

 

කෙසේ වෙතත් චිත්‍රපට සහතික කිරීමේ කටයුතු අසාධාරණ ලෙස ප්‍රමාද කරන බවට චෝදනා කරමින් නිෂ්පාදන ආයතනය වන KVN Productions මෙම සතිය මුලදී අධිකරණය හමුවට ගිය අතර, රුපියල් කෝටි 500ක ($55.6mn) මුදලක් ආයෝජනය කර ඇති නිෂ්පාදකයන්ට මෙම ප්‍රමාදය හේතුවෙන් දැවැන්ත මූල්‍ය අලාභයක් සිදුවන බව එහිදී සඳහන් විය.

නිෂ්පාදන ආයතනයට අනුව, ඔවුන් දෙසැම්බර් 18 වැනි දින සහතිකය සඳහා ඉල්ලුම් කළ අතර, එහි ඇති ප්‍රචණ්ඩකාරී දර්ශන හේතුවෙන් චිත්‍රපටයට 16+ (වයස 16ට වැඩි) වර්ගීකරණයක් ලබා දෙන බව (CBFC) දන්වා ඇත. එසේම ඇතැම් දර්ශන ඉවත් කරන ලෙසද දන්වා තිබේ. නිෂ්පාදකයා පවසන්නේ එම දර්ශන සංස්කරණය කිරීමෙන් පසු දෙසැම්බර් 29 වන දින නැවත සහතිකය සඳහා ඉදිරිපත් කළත්, ජනවාරි 5 වන සඳුදා වන විටත් සන්සර් මණ්ඩලය තවදුරටත් බාධාවන් පවතින බව දන්වා ඇති බවයි.

මේ පිළිබඳව ඉන්දීය central board of film certification (CBFC) හි ස්ථාවරය වී ඇත්තේ චිත්‍රපටයේ ඇති ඇතැම් දර්ශන සම්බන්ධයෙන් සිය කණ්ඩායමේ නිලධාරියෙකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් හේතුවෙන්, 'ජන නායගන්' චිත්‍රපටය විශාල කමිටුවක් (larger committee) මගින් නැවත සමාලෝචනය කළ යුතු බවයි. 

විශේෂයෙන්ම සන්නද්ධ හමුදා නිරූපණය කරන දර්ශන සහ ආගමික හැඟීම්වලට හානි විය හැකි අන්තර්ගතයන් සම්බන්ධයෙන් මෙහිදී ගැටලු මතු වී ඇති බව සදහන් වන අතර, මෙම කමිටු සමාලෝචන ක්‍රියාවලිය සඳහා සති කිහිපයක් පවා ගත විය හැකි බව සඳහන් වේ.

ඒ අනුව මදුරාසි මහාධිකරණය බදාදා දින නිෂ්පාදකයන්ගේ සහ (CBFC) හි කරුණු විමසීමෙන් අනතුරුව, සිය තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල් තැබීය.

එබැවින් පවතින මෙම අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ලොව පුරා චිත්‍රපටය  ප්‍රදර්ශනය කිරීමට තිබූ සැලසුම දින නියමයක් නොමැතිව කල් දැමීමට නිෂ්පාදකයන්ට සිදුව ඇත.

ජන නායගන් චිත්‍රපටය නිකුත් වීම ප්‍රමාද වන බව සදහන් කරමින් චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම වන KVN Productions නිකුත් කර තිබූ නිවේදනය පහළින් දැක්වේ.

 

jana nayagan postpond letter

 

මූලාශ්‍ර - India today, Wion

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom