lan englan tam

පුවත්

තෙවන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' : නිර්මාණ භාර ගැනීම ඇරඹෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තෙවන ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026’ සදහා,

2025 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ, පිළිගත් ප්‍රකාශන ආයතන හා කර්තෘ ප්‍රකාශන ලෙස මුද්‍රණයෙන් නිකුත් වූ නවකතා, කෙටිකතා, කාව්‍ය, සිංහල බසට කෙරුණු පරිවර්තන, ඉංග්‍රීසි බසට කෙරුණු පරිවර්තන, දෙමළ බසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිත නවකතා, කෙටිකතා හා කාව්‍ය කෘති යනාදී නිර්මාණ භාර ගැනීම දැන් ආරම්භ වී තිබෙනවා.

මෙම සාහිත්‍ය තරගයේ සියළු ජයග්‍රාහකයින් උදෙසා විදර්ශන ජය මූර්තිකාව සමග රු. 150,000/- බැගින් මුදල් ත්‍යාග හිමි වන අතරම කෙටි ලැයිස්තුගත වන්නන්ට රු. 50,000/- බැගින් මුදල් ත්‍යාග හිමි වේ.

මුද්‍රිත කෘති සහ අත්පිටපත් එක්ව සලකා බැලේ.

'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' සිට, ලාංකේය සාහිත්‍යකරුවෙකුට දිවියේ එක්වරක් පමණක් හිමිවන සුවිශේෂ 'විදර්ශන ස්වර්ණ ජය මූර්තිකාව' සමග රු. 250,000/- ක් වටිනා මුදල් ත්‍යාගයක් පිරිණැමේ.

'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' ජය මූර්ති ප්‍රධාන උළෙල, අගෝස්තු 28 දින සවස 6 ට කොළඹදී උත්සවාකාරයෙන් පැවැත් වෙනු ඇති.

 

තෙවන ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026’ පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක්.

2026 තෙවන විදර්ශන සාහිත්‍ය ත්‍යාගය නවීකරණයට භාජනය වී ඇති බැවින් කිහිප දෙනෙකු මතු කළ ගැටලු කිහිපයක් සඳහා පැහැදිලි කිරීම් මෙසේය:

1. මුද්‍රිත කෘති සහ අත්පිටපත් එක්ව සලකා බැලීම:

2025 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා ප්‍රකාශන ආයතනයක් මගින් හෝ කර්තෘ ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශනයට පත් වූ නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, ඕනෑම බසකින් සිංහල බසට පරිවර්තනය වූ නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ හා මුලින් සිංහල බසින් පළවී ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ නවකතා, කෙටිකතා හා කාව්‍ය සංග්‍රහද,

මෙතෙක් මුද්‍රණයෙන් පළ නොවූ අත්පිටපත් ලෙස පවතින නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, පරිවර්තන (සිංහල), පරිවර්තන (ඉංග්‍රීසි) කෘතිද තරගය සඳහා සලකා බැලේ.

මෙහිදී මුද්‍රිත සහ අත්පිටපත් කාණ්ඩ දෙකම එක්ව සලකා බැලේ.

නිදසුනක් ලෙස : නවකතා තරගයේදී මුද්‍රිත සහ අමුද්‍රිත නවකතා සියල්ල එක්ව සලකා බැලෙන අතර, දිගු ලැයිස්තු ගත වන්නේ ඒ සියල්ලෙන්ම නිර්මාණාත්මක බවින් ඉදිරියෙන් තිබෙන නවකතා 7 පමණි.

තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, 2026 විදර්ශන සාහිත්‍ය ත්‍යාගය උදෙසා නවකතා අංශයෙන් මුද්‍රිත කෘති 101 ක්ද, අත්පිටපත් 49 ක් ද ඉදිරිපත් වුවහොත්, එම නවකතා 150 ම එක්ව සලකා බලමින්, දිගු ලැයිස්තු ගත කිරීම, කෙටි ලැයිස්තුගත කිරීම හා අවසානයේ ජයග්‍රාහී කෘතිය නම් කිරීම සිදු වේ.

ජයග්‍රාහී කෘතිය අත්පිටපතක් වුවහොත්, එය මුද්‍රණය වූ පසුව ඉදිරි විදර්ශන සාහිත්‍ය ත්‍යාගය උදෙසා ඉදිරිපත් කළ නොහැක.

 

2. දමිළ බසින් පළවූ නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ සියල්ල එකම ප්‍රවර්ගයක් ලෙස සලකා බැලෙන අතර, සියල්ලෙන් උසස්ම කෘතිය උදෙසා එක් ජයග්‍රාහකයෙකු පමණක් තෝරා ගැනේ.

3. ජීවිතයේ එක් වරක් පමණක් ලාංකේය සාහිත්‍යකරුවෙකුට පිරිනැමෙන 'විදර්ශන ස්වර්ණ මූර්තිකාව' සඳහා තෝරා ගැනෙන සාහිත්‍යකරුවා හෝ සාහිත්‍යකාරිනිය තෝරා ගැනෙන්නේ විශේෂ ඇගයුම් මණ්ඩලයක් විසිනි.

 

611270739 26340238322240842 702010849768229994 n 3

kemadasa

shungara

Back to top
Go to bottom