lan englan tam

පුවත්

රන්ජන් රාමනායකගේ අලුත්ම චිත්‍රපටය “O.I.C. ගඩාෆි” ළඟදීම! (Trailer)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රන්ජන් රාමනායක ප්‍රධාන චරිතයෙන් රංගනයට එක්වන “O.I.C. ගඩාෆි” නවතම සිංහල චිත්‍රපටය ළඟදීම තිර ගත වීමට නියමිතයි.

ඒ අනුව චිත්‍රපටයේ තවත් අලුත්ම පුර්ව ප්‍රචාරක පටයක්ද මේ වන විට නිකුත් කොට තිබෙනවා.

මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත මොරගොඩ, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, මහින්ද පතිරගේ, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, සමන් හේමරත්න, පියුමි බොතේජු, දිලුක්ෂි වීරපෙරුම... වැනි ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය ද රන්ජන් රාමනායකගේ වීම විශේෂත්වයක්.

මෙය රන්ජන් රාමනායකගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර මීට පෙර වන්ශොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු Box Office සිනමාපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

 චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය නරඹන්නට පිවිසෙන්න පහතින්>>

 

kemadasa

shungara

Back to top
Go to bottom