මහගම සේකර කලාකරුවා අප අතරින් නික්ම ගොස් 2026 ජනවාරි 14 දිනට වසර 50 සම්පූර්ණ වෙනවා.
මෙය නිමිති කොට ගෙන පැවැත්වෙන “සේකර සමර 50” අනුස්මරණය හෙට(14) දින, පෙරවරු 8.00 ට, රදාවාන තුංමංහන්දියේදී පැවැත්වෙන අතර,
අනුස්මරණ වැඩසටහන රදාවාන මහගම සේකර මහා විද්‍යාලීය පරිශ්‍රයේදී පෙ.ව 8.30 සිට පැවැත්වීමට නියමිතයි.
මෙහිදී මහගම සේකරයන්ගේ සමකාලීනයෙකු වන කරුණාරත්න අමරසිංහගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමරු වැඩසටහනේදී චූලානන්ද සමරනායක, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ රවී සිරිවර්ධන අදහස් දක්වීමට එක්වෙනවා.
එදිනම (14) පස්වරු 3.00 ට 'මහගම සේකර අඩ සියවසක මතක ආවර්ජනා' අනුස්මරණ දේශනය ගම්පහ දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී පැවැත්වෙන අතර, ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ අනුස්මරණ දේශනය පවත්වනු ලබයි.
මෙම අවස්ථාවට එක්වන මෙන් ඔබ සැමට සංවිධායක මණ්ඩලය විවෘත ආරාධනාවක් කොට සිටිනවා.











