''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' තෙවන අදියර සඳහා මුද්‍රිත පිටපත් හා අත්පිටපත් භාර ගැනීම දැන් ආරම්භ වී ඇති බව නිවේදනය කොට තිබෙනවා.
ආදාල සම්පූර්ණ නිවේදනය පහළින්>>
2025 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා ප්‍රකාශිත,
නවකතා,
කෙටිකතා සංග්‍රහ,
කාව්‍ය සංග්‍රහ,
පරිවර්තන (ඉංග්‍රීසි),
පරිවර්තන (සිංහල)
මුද්‍රිත කෘති සහ එම නිර්මාණ ප්‍රවර්ගයන්හීම අත්පිටපත් මෙවර විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා බාර ගැනේ.
ප්‍රකාශන ආයතනයක් මගින් හෝ කර්තෘ ප්‍රකාශනයක් ලෙස පළ වූ කෘති තරගය සඳහා බාර ගැනෙන අතර ඒවා භාර දිය යුතු අවසන් දිනය 2026 ජනවාරි 31 වේ.
අත්පිටපත් භාර ගන්නා අවසන් දිනය 2026 මාර්තු 31 වේ.
දමිළ බසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිත නවකතා, කෙටිකතා හා කාව්‍ය සංග්‍රහ වෙනුවෙන්ද විදර්ශන ජය මූර්තිකාවක් පිරිනැමීම මෙවර විදර්ශන සාහිත්‍ය ත්‍යාග උළෙලේ සුවිශේෂ කටයුත්තක් වේ.
ලාංකේය සාහිත්‍යකරුවෙකුට හෝ කාරිණියකට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන විදර්ශන ස්වර්ණ මූර්තිකාව සමග රු. 250,000/- ක මුදල් ත්‍යාගය පිරිනැමීමද මෙවර විදර්ශන සාහිත්‍ය ත්‍යාගය හී නව්‍ය කටයුත්තකි.
ශ්‍රී ලාංකේය පුරවැසි ඕනෑම ලේඛක ලේඛිකාවකට මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
ඉදිරිපත් කරන සෑම අත්පිටපතක්ම පරිගණක යතුරු ලියනය කළ ඒවා විය යුතු විය යුතු මෙන්ම, මුල් පිටපත් නොවිය යුතුය. අත්පිටපත් නැවත නිර්මාණකරුවන් වෙත භාර දීමට සංවිධායකයන් බැඳී නොසිටී.
පරිවර්තන (ඉංග්‍රීසි) අංශය වෙනුවෙන් ඉදිරිපත් කළ හැක්කේ මින් පෙර සිංහල භාෂාවෙන් පළවූ නවකතා, කෙටිකතා හෝ කාව්‍ය කෘතියක පරිවර්තිත මුද්‍රිත පිටපත් හෝ අත්පිටපත් පමණි. එම පරිවර්තනය වෙනුවෙන් අදාල මුල් කෘතියේ අයිතිය හිමි පාර්ශවය වෙතින් ලබාගත් නිළ අවසර ලිපියක්ද අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.
පරිවර්තන (සිංහල) අංශය සඳහා වෙනත් ඕනෑම භාෂාවකින් සිංහල බසට පරිවර්තනය කරන ලද නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ සළකා බැලේ. අදාල නිර්මාණයන් හී ප්‍රකාශන අයිතිය ලබා ගැනීම ඉදිරියේදී එකී නිර්මාණය මුද්‍රණයෙන් ප්‍රකාශනයට පත් කරන ප්‍රකාශන ආයතනය විසින් සිදු කළ යුතුය. ඒ සඳහා 'විදර්ශන සාහිත්‍ය ත්‍යාග' සංවිධාන කමිටුවේ මැදිහත්වීමක් නැත.
'විදර්ශන ප්‍රකාශන' ආයතනයේ සංකල්පයකට අනුව ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ සංවිධානය වෙයි. එහෙත් එය 'විදර්ශන ප්‍රකාශන' ආයතනයෙන් පූර්ණ ස්වාධීන ව්‍යුහයක් වන අතර සාහිත්‍ය නිර්මාණ ඇගයුම් කෙරෙහි අදහස්මය හෝ එබඳු ආකාරයේ වෙනත් කිසිදු මැදිහත් වීමක් සංවිධායකයින්ගෙන් සිදු නොවේ. එහිදී ආයතනයෙන් ඉටු කෙරන්නේ හුදු පහසුකම් සැපයීමේ සහ සම්බන්ධීකාරක භූමිකාව පමණය.
සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත ඇගැයුම් මණ්ඩල පහක් විසින් අත්පිටපත් ඇගැයුමට ලක් කෙරෙන අතර, දීර්ඝ වටය සඳහා පහකට (5) නොඅඩු, හතකට නොවැඩි (7) නිර්මාණ නම් කිරීම හා අවසන් වටය සඳහා අත්පිටපත් තුන (3) බැගින් නම් කිරීම 2025 අගෝස්තු මස මුල් දෙසතිය තුළදී සිදුවේ.
2026 අගෝස්තු අගදී විශේෂ ආරාධිතයන් 300 ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජය මූර්ති ප්‍රධාන උත්සවයේදී ජයග්‍රාහී කෘති වෙනුවෙන් 'විදර්ශන සාහිත්‍ය ජය මූර්තිකාව' සමඟ රු.150,000/- ක් වටිනා මුදල් ත්‍යාග එක් එක් ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනැමේ.
අවසන් වටය සඳහා නිර්දේශිත වූ අනෙකුත් ලේඛක ලේඛිකාවන් උදෙසා රු. 50,000/- ක් වටිනා මුදල් ත්‍යාග හා ජය ඵලක හිමිවේ.
ජය මූර්ති ප්‍රධාන උත්සවය අවසන් වී දිනකට පසුව එක් එක් ඇගැයුම් මණ්ඩල විසින් අදාල තෝරාගැනීම් වෙනුවෙන් වන ඇගැයුම් මණ්ඩල වාර්ථා වෙබ් අඩවිය තුළ හා සමාජ මාධ්‍යයන්හී පළ කෙරේ.
වැඩි විස්තර සඳහා :
වෙබ් : www.vidarshanalitprize.com
දුරකථන : 0112765024
වට්සැප් : 0703771343
ඊමේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.









