තලෙයිවර් තම්බි තලෙයිමයිල් යනු නිතිෂ් සහදේව් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ සංජෝ ජෝස්ෆ් සහ අනුරාජ් ඕ.බී සමඟ සම-රචනය කරන ලද ඉන්දියානු දෙමළ භාෂා දේශපාලන උපහාසාත්මක චිත්‍රපටයකි.

මෙම චිත‍්‍රපටයේ කතාවස්තුව තුළ සම්ප‍්‍රදායික දෙමළ චිත‍්‍රපට සම් මිශ‍්‍රණයක් තිබුනද මෙහි අනෙක් චිත‍්‍රපට වලට වඩා මිනිස් ජීවිත වල අවිනිශ්චිත තාව පිළිබඳ වෙනස් ආකාරයේ රසයක් ප්‍රේක්ෂකයන්ට විඳ ගැනීමට හැකිවේ.
අසල් වැසි නිවෙස් දෙකක ජීවිතය සහ මරණය අතර ඇතිවන සිදුවීම් මාලාවකි. එක් පවුලක විවාහ මංගල්ලයකි. අනෙක් පවුලේ අවමංගල්‍යයකි. මංගල්ලය සහ අවමංගල්ලය එකම දින එකම වේලාවට සිදුවීමට නියමිතව තිබේ.
ම පවුල් දෙක අතර ඇති විරසකයන් මැද ජීවා ගේ මැදිහත්වීමෙන් මගුල සහ අවමගුල සාමකාමීව සිදුකිරීමට නියමිතව තිබුනද මිනිසුන්ගේ ම යම් යම් ක‍්‍රියා කලාපයන් නිසා සිදුවන්නේ හාසේයා්ත්පාදක මෙන්ම ජීවිතය පිළිබඳ නැවත නැවතත් සිතා බලන්නට සිදුවන මිනිස් ක‍්‍රියා කාරකම් පිළිබඳ සිදුවීම් මාලාවකි.
මෙම චිත‍්‍රපටයේ අන්තර්ගතය තුළින් අපිට අපිවම කියවා ගත හැක.

චිත්‍රපටයේ ට්‍රේලර් එළිදැක්වීමේ උත්සවයේදී කතා කරමින් නළු ජීවා පැවසුවේ ඔහුගේ 45 වන චිත්‍රපටය වන මෙම චිත්‍රපටය බටහිර ඝාට්ස් හි දර්ශනීය ගම්මානයක දින 45 ක් තුළ රූගත කළ බවයි.
පූර්ව ප්‍රචාරක පටය පහළින් >>
කන්නන් රවී විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ජනවාරි 30 වන දිනනිකුත් කිරීමට මුලින් අදහස් කර තිබුනද විජේ රඟපෑ ජන නායගන් චිත්‍රපටය නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා එලැඹෙන තෛපොන්ගල් උත්සවය වෙනුවෙන් තලෙයිවර් තම්බි තලෙයිමයිල් 2026 ජනවාරි 15 වන දින සිනමාහල්වල නිකුත් කිරීමට නියමිතය.









