lan englan tam

පුවත්

විමුක්ති ජයසුන්දරගේ “සාංකා” (Spying Stars) ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට සම්මානනීය සිනමා නිර්මාණකරුවෙකු වන විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කළ “සාංකා”(Spying Stars) චිත්‍රපටය නුදුරේදීම මෙරටදී තිරගත වීමට නියමිතයි.

ඉන්දිරා තිවාරි , Hidaayath Hazeer, සෞම්‍ය ලියනගේ ,කෞශල්‍යා ප්‍රනාන්දු ,සමනලී ෆොන්සේකා, Shreepura Mithra..  ඇතුලු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වි තිබෙනවා.

'විද්‍යා ප්‍රබන්ධ' වර්ගයේ චිත්‍රපටයක් වන මෙහි කතාවට පසුබිම් වන්නේ,

යන්ත්‍ර මගින් ආධිපත්‍ය දරණ අනාගතයේ කාලයක ජීවත් වන විද්‍යාඥ වරියක් වන ආනන්දි සිය පියාගේ අවසන් කටයුතු ඉටු කිරීම සඳහා හනුමාන් නැමැති දූපතට පැමිණෙන අතර,

යන්ත්‍ර ආධිපත්‍යය නිසා ඇති වන වසංගතයක් වන “Illvibe” මගින් පීඩාවට පත් වූ ඩිස්ටෝපියන් අනාගතයක පසුබිම් වූ ආනන්දි,  දුරස්ථ හෝටලයක නිරෝධායනය වී සිටින අතර එහිදී අද්භූත තාරකාවක් ඇය පසුපස එන්නට පටන්ගනී.

අවසානයේ ඇය පැන ගොස් මවක් සහ ඇගේ සංක්‍රාන්ති ලිංගික දියණිය සමඟ රැකවරණය පතයි.

 “සාංකා” චිත්‍රපටය මේ වන විට දකුණු කොරියාවේ ‘බූසාන්’ චිත්‍රපට උළෙලද ඇතුළව ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසක් නියෝජනය කිරීමට සමත් වූ චිත්‍රපටයකි.

නුදුරේදීම ප්‍රේක්ෂක ඔබට “සාංකා”(Spying Stars) චිත්‍රපටය ළඟම සිනමා හලේදී නැරඹීමට අවස්ථාව උදා වනු ඇති.

 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>>

 

kemadasa

shungara

Back to top
Go to bottom