අභාවප්‍රාප්ත, ප්‍රවීණ ගායන ශිල්පී සහ සංගීතවේදී රාජු බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(17) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව දැනුම් දී තිබෙනවා.
දේහය අද පෙ.ව 10.00 ට මහජන ගෞරවය සදහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කරනු ලැබුවා.
කලක පටන් රෝගාතූරව ප්‍රතිකාර ලබමින් සිටි රාජු බණ්ඩාර මහතා ඊයේ (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර, ඒ වන විට 65 වන වියේ පසු උනා.
මා ආදරෙයි මුළු ලොවටත් වඩා,රන් සීනු නාද දේ, රෝසමල් කුමාරි, කවුදෝ මගේ ලොවේ, ළඳුනේ සොදුරු ළඳුනේ, හඳ වේදනා මෙසේ.. වැනි ඔහුගේ ගීත මෙරට ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.











