මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභී, ප්‍රවීණ ඉන්දීය ගායිකා අනුරාධා පෞද්වාල් ඊයේ(21) දින පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මුණ ගැසී තිබෙනවා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද එක් වී සිටි අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂ්ණි තොම්සන්, විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අංකුරන් දත්තා, “Timeless Bollywood Melodies” සංගීත වැඩසටහනේ සංවිධායකවරිය වන කෞෂල්‍යා වික්‍රමසිංහ ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ.

“Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies” නමින් හෙට(23) දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය සුබ පැතුම් පළ කළ අතර, එම සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වන්නැයි ටිල්වින් සිල්වාට සහ අමාත්‍ය නලින්ද ජයතිස්සට එම පිරිස විසින් ආරාධනයක්ද සිදු කර තිබේ.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වූ සහ දෙරටේ සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කළ වැදගත් අවස්ථාවක් ලෙස සනිටුහන් වේ.









