lan englan tam

පුවත්

අයිරාංගනි සේරසිංහගේ රුව සහිතව ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස සමරු මුද්දරය එළිදකියි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79ක් සම්පූර්ණ වීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත වී වසර 54ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ ජාතික සැමරුම් උළෙල බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(21) ජාතික ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවේදී "1925–2025: ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස" යන තේමාව සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිල වශයෙන් එළිදැක්වීම සිදුවිය.

එම සමරු මුද්දරය සහ මුල් දින කවරය ශ්‍රී ලාංකේය සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් වන ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රුව සහිතව නිකුත් වූ අතර, එය මෙරට සිනමා කලා උරුමයට ඇය කළ අගනා මෙහෙවරට ගෞරව දැක්වීමක් ලෙස සඳහන් කළ හැකිය.

ශ්‍රී ලංකාවේ පළමු කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ (1947) සමඟ ආරම්භ වූ මෙරට කතානාද සිනමා ගමන අද වන විට දශක හතකට වැඩි කාලයක් පුරා විවිධ යුගයන්හි දී විවිධ අභියෝගවලට මුහුණ දෙමින් අද්‍යතනය වන විට ජාතික සංස්කෘතික උරුමයක් බවට පත්ව ඇති බව මෙම උත්සවයේදී අවධාරණය කෙරුණා.

එමෙන් ම 1925 වසරේ නිහඬ සිනමා යුගයෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය සියවසක ගමනක් සනිටුහන් කරමින් 2025 වසරේදී අභිමානවත් ශත සංවත්සරයකට එළඹීම ද මෙහිදී සිහිපත් කළා.

ප්‍රවීණ රංගවේදිනී අයිරංගනී සේරසිංහ මහත්මියගේ රුව සමරු මුද්දරයට සහ මුල් දින කවරයට එක් කිරීමට අමතරව, සිනමා කලා ක්ෂේත්‍රයට කළ වටිනා දායකත්වය වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පීනී ශ්‍රියානි අමරසේන මහත්මියට “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” යන විශේෂ සම්මානය පිරිනමනු ලැබීය.

ඒ සමඟම, දේශීය සිනමා කර්මාන්තයේ විකාශනය හා එහි ‍ඓතිහාසික ගමන පිළිබඳ ව අවධානය යොමු කරමින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා විසින් විශේෂ දේශනයක් ද පවත්වන ලදී.

මෙම සැමරුම් උළෙල රාජ්‍ය සිනමා අනුමණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධාන කළ අතර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිතුමා, රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපතිතුමා, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කලාකරුවන්, සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන පිරිසක් සහ ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

මූලාශ්‍රය - itnnews

සැමරුම් උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්>>

 

619589045 1198695482412016 4098237182438744491 n

616789552 1198695332412031 4411727851585428035 n

sunil i

616843466 1198695062412058 6559194426946379658 n

616826845 1198695302412034 346828622044236566 n

616827539 1198695655745332 5762901714065477305 n

616812999 1198695509078680 5944808050374872195 n

616836478 1198695769078654 753872362555120256 n

kemadasa

shungara

Back to top
Go to bottom