lan englan tam

පුවත්

‘පද්ම භූෂණ්’ සම්මානයෙන් පිදුම් ලැබූ 90 දශකයේ ගීත කෝකිලාවිය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාව ඇතුළු ලොව පුරා රසික හදවත් දිනාගත් ඉන්දියනු චිත්‍රපට පසුබිම් සංගීතයේ නොමැකෙන නමක් දිනූ ගායන ශිල්පිනියක වන වන අල්කා යාග්නික් 'පද්ම භූෂණ්' සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

'පද්ම භූෂණ්' යනු ඉන්දියානු රජය විසින් ප්‍රදානය කරනු ලබන තුන්වන ඉහළම සිවිල් සම්මානය වන අතර, වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන මෙම ගෞරව සම්මානයෙන් ඇයව පිදුම් ලැබුවේ සංගීත ක්ෂේත්‍රය උදෙසා ඇය ඉටුකළ අමිල මෙහෙවර අගය කරමිනි.

දශක පහකට ආසන්න කාලයක් දිවෙන අල්කා යාග්නික් ගේ සංගීත දිවිය තුළ ඇය හොඳම පසුබිම් ගායිකාව වශයෙන් ෆිල්ම් ෆෙයා(ර්) සම්මානයෙන් හත් වතාවක් පිදුම් ලබා ඇති අතර, පසුබිම් ගායනයෙන් දායක වී ඇති චිත්‍රපට ගණන 550 කට අධික යි.

ඇගේ ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගීත ගායනා අතර, 

  • Ek Do Teen (Tezaab) 
  • Mera Dil Bhi Kitna Pagal Hai (Saajan) 
  • Kuch Kuch Hota Hai (Kuch Kuch Hota Hai) 
  • Bole Chudiyan(Kabhi Khushi Kabhie Gham) 
  • Suraj Hua Maddham (Kabhi Khushi Kabhie Gham)
  • Kaho Naa... Pyaar Hai (Kaho Naa... Pyaar Hai)
  • Aaye Ho Meri Zindagi Mein (Raja Hindustani)
  • Agar Tum Saath Ho (Tamasha)... වැනි ගීත රාශියක් ඇතුළත්ය.

 

472343470 122134416182441948 3253634911658263201 nඅල්කා යාග්නික්

 

ඇය මෙම සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව  බොහෝ රසික අදහස් පළ වී තිබූ අතර, "ප්‍රමාද  වී හෝ සුදුස්සාට සුදුසු තැන ලැබුණා" යන්න බොහෝ දෙනාගේ අදහස වී තිබුණි.

"අල්කා යාග්නික් යනු හුදෙක් ගායිකාවක පමණක් නොව, 90 දශකයේ හැදී වැඩුණු පරම්පරාවක මතකයන් සිතුවම් කළ හඬයි."

 Alka yagnik i

kemadasa

shungara

Back to top
Go to bottom