මෙරට කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු සහ සමාජයට විවර නොවන ඔවුන්ගේ අඳුරු පැතිකඩයන් පිළිබඳව දිගහැරෙන ‘රෝස වෙඩිල්ල’ නවතම ටෙලි නිර්මාණයේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ උනා.
මෙම ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සුනෙත් මාලිංග ලොකුහේවා විසින් වන අතර, අරුණ ජයවර්ධන සමගින් ප්‍රමෝද්‍යා වන්නිආරච්චි විසින් මෙහි තිර පිටපත රචනා කොට තිබෙනවා.
පුංචි තිරයේ හා සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන යශෝධා විමලධර්ම දිගු නිහැඩියාවකට පසුව නැවතත් මෙම ටෙලි නිර්මාණය සමගින් රංගනයට පිවිසීම ද විශේෂත්වයක්.

යශෝධා විමලධර්ම සමගින් මිෂෙල් දිල්හාරා, සචින්තනී කෞශල්‍යා, සප්නා පාදුක්ක, මනිෂා චංචලා, දුෂ්‍යාන්ති සේවික්‍රම, හේෂාරාවී වරංගනා, නඳුනි වනිගසේකර, චින්තක කුලතුංග, හේෂාන් මල්ලව, සංජය මුරමුදලි, හිරුෂාන් හෙට්ටිආරච්චි, කුමාර වඳුරැස්ස, මිලින්ද මඩුගල්ල, චමෝත් ඩියෝන්, නිමල් ජයසිංහ, ටිෆනි ලියනගේ(ළමා) ඇතුළු රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
ටෙලි නිර්මාණයේ කැමරාකරණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, සහය අධ්‍යක්ෂණයෙන් අමිල පහතගෙදර, අංග රචනයෙන් ප්‍රියංක තිලක් රත්නායක, රේඛීය නිෂ්පාදනයෙන් මෙවන් ලියනගේ, සංස්කරණයෙන් ගයාන් ශ්‍රී බුද්ධික, කලා අධ්‍යක්ෂණයෙන් සාමින් බාලසූරිය, ඇඳුම් නිර්මාණයෙන් රොෂාන් අනිල් පෙරේරා එක්ව ඇති ‘රෝස වෙඩිල්ල’ අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි විසින් නිෂ්පාදනය කරනු ලබනවා.
ටෙලි නිර්මාණයේ රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ කෙරෙන අතර, ළඟදීම ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට අපේක්ෂිතයි.












