බොලිවුඩයේ අති දක්ෂ ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂක වරයෙක් වන අරිජිත් සිං චිත්‍රපට පසුබිම් ගායනයට සමු දෙන බව නිවේදනය කර තිබෙනවා.

සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සිය රසිකයන් වෙනුවෙන් හැඟීම්බර සටහනක් තබමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කොට තිබුණේ.
ඔහු එහි මෙසේ සඳහන් කර තිබුණි:
"හෙලෝ, සුභ නව වසරක්. වසර ගණනාවක් තිස්සේ මට ආදරය කළ මගේ සියලු ම අසන්නන්ට ස්තූතියි,
මම තවදුරටත් පසුබිම් ගායකයෙකු ලෙස කිසිදු නව නිර්මාණයක් භාර ගන්නේ නැහැ. මම එය මෙතැනින් අවසන් කරනවා. එය සුන්දර ගමනක්."
මෙම නිවේදනය ඔහුගේ රසිකයන්ට මහත් පුදුමය ගෙන දෙන්නක් බවට පත්ව ඇති අතර එක් පරිශීලකයෙකු, "කරුණාකර මේ ගිණුම හැක් (hacked) කර ඇති බව පවසන්න" යැයි අදහස් දක්වා තිබූ අතර, තවත් අයෙකු ලියා තිබුණේ, "ඔහු නොමැතිව බොලිවුඩ් සංගීතය හිස්" බවයි.
අරිජිත් සිං බොලිවුඩයට අමතක නොවන ගීත රැසක් දායාද කර ඇති අතර, Aashiqui 2 චිත්‍රපටයේ 'Tum Hi Ho' ගීතය ඔහුගේ ගමනේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මීට අමතරව 'Channa Mereya', 'Phir Bhi Tumko Chaahunga' සහ 'Hawayein' වැනි ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රියය.
ඔහු ජාතික චිත්‍රපට සම්මාන දෙකක් දිනා ඇති අතර, 2025 වසරේදී ඔහුට 'පද්ම ශ්‍රී' සම්මානය ද පිරිනමන ලදී.
අරිජිත් සිය තීරණයට හේතුව හෝ සිය අනාගත සැලසුම් පිළිබඳව මෙතෙක් වැඩිදුර විස්තර හෙළි කර නොමැත.
කෙසේ වෙතත් අරිජිත් සිං සංගීත රචනයන් සිදු කිරීමෙන් සමුගැනීමක් සිදු නොකරනු ඇත.









