lan englan tam

පුවත්

රුසියානු සාහිත්‍ය සන්ධ්‍යාව හෙට කොළඹදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ 20 වස් සමරුව නිමිත්තෙන් පැවැත්වෙන රුසියානු සාහිත්‍ය සන්ධ්‍යාව හෙට දිනයේ එනම්,

2026 ජනවාරි 29 බ්‍රහස්පතින් දා, සවස 3.00 සිට, කොළඹ - 07, නිදහස් මාවතේ, අංක 10හි පිහිටි රුසියානු මන්දිරයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

මෙහිදී,

'ලියෝ තෝල්ස්තෝයි සාහිත්‍ය සම්මානය' පිරිනැමීම

'උඩකැන්දවල සරණංකර සාහිත්‍ය සම්මානය' හඳුන්වාදීම

2028 'ලියෝ තෝල්ස්තෝයි වසර' ලෙස ප්‍රකාශයට පත්කිරීම

නව 'ජාත්‍යන්තර සාහිත්‍ය ත්‍රිකෝණ' සංකල්පය ඉදිරිපත් කිරීම

ලාංකේය ලේඛකයින්ගේ නිර්මාණ සම්මුච්චයක් රුසියානු භාෂාවෙන් එළිදැක්වීම

සෝවියට්-රුසියානු කෙටිකතා කළඹ IV එළිදැක්වීම ඇතුළු සුවිශේෂී කර්තව්‍යන් රැසක් සිදු වන්නට නියමිතයි.

 

මෙම උත්සව අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ රුසියාවේ තානාපති ලෙවාන් ජගර්යාන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වන අතර,

කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මරියා පපෝවා, චූලානන්ද සමරනායක, සහාය මහාචාර්ය බරිස් වල්හෝන්ස්කි, මහාචාර්ය ලෝලා ස්වනරියෝවා, මහින්ද සෙනරත් ගමගේ යන අය සභාව අමතන්නට නියමිතයි.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ විශේෂ දේශනයකින් ද සභාව සමලංකෘත වෙයි.

රුසියානු සාහිත්‍යය, සාහිත්‍ය පර්යේෂණය හා පරිවර්තන අත්දැකීම් පිළිබඳ දැනුම සොයමින් සිටින ඔබ සියලු දෙනාට මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායක මණ්ඩලය විවෘත ආරාධනාවක් කොට සිටිනවා.

රථ නැවතුම: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මාවත, කුරුඳුවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිට.

 

615709065 3377112442444971 6440508645459278666 n 1

 

kemadasa

shungara

Back to top
Go to bottom