lan englan tam

පුවත්

ලංකාවේ ප්‍රථම ‘වන්ටේක්’ චිත්‍රපටය ළඟදීම! (trailer)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ ප්‍රථම ‘වන්ටේක්’ (one -take) වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සැලකෙන “හෙලෝ”(Hello) සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට නිකුත් කර තිබෙනවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු, නාට්‍යවේදියෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු ද වන එස්.අයි. සමරක්කොඩි විසින්.

මෙය ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණයයි.

ආරම්භයේ සිට අවසානය දක්වාම සංස්කරණයකින් තොරව එකම කැමරා කෝණයක රූපගත වන චිත්‍රපටයක් වීම මෙහි විශේෂත්වය වන අතර  මේ හරහා වෙනස්ම සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයාට තිළිණ කෙරෙනවා.

චිත්‍රපටයේ තිර රචනයෙන් - චාලක රණසූරිය, කැමරාකරණයෙන් - සිසිකිරන පරණවිතාන, සංගිතයෙන්- ජගත් රස්නායක,  සංස්කරණයෙන්- ශාන් අල්විස්, අංග රචනයෙන් - රංදික ටිශාන්, ශබ්ද සැලසුම්කරණයෙන් - මිතුන් කරුණාතිලක/හිමාල් කරුණාතිලක, කලා අධ්‍යක්ෂනයෙන් - අකුරම්බපියතිස්ස මීට දායක වී තිබෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුනිල් මාරසිංහ විසින්.

“හෙලෝ” (Hello) සිනමා පටය නුදුරේදීම ප්‍රේක්ෂකයා වෙනුවෙන් තිළිණ කිරීමට නියමිතයි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

kemadasa

shungara

Back to top
Go to bottom