lan englan tam

පුවත්

ප්‍රවීණ සිනමාවේදී සේන සමරසිංහ දිවි ගමනට සමු දෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිංහල සිනමාවට සිනමාවට අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් දායාද කළ  ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිට යන විට ඔහු 88 වන වියේ පසුවිය.

ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර, කස්තුරි සුවඳ (1974), නිල්ල සොයා (1976), ආශා දෑසින් (1978), චංචල රේඛා (1981), යළි හමුවෙන්නයි (1986), බඹර කලාපේ (1991) ඇතුලු හැත්තෑව අසූව දශකයේ ජනකාන්ත සිනමාපට රැසක් ඇතුළත් වේ.

'සමරසිංහ චිත්‍රපට' නමින් සිනමා චිත්‍රාගාරයක්ද එතුමා පවත්වාගෙන ගිය අතර එයින් තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට නිෂ්පාදන සඳහා කැමරා උපකරණ ආදියද සපයනු ලැබුවා.

පසුකාලීනව සදාකල් රැඳේවා, අයිය නගෝ, ඔක්කොම කපටියෝ, සිංහ පැටව්, දෝංකාරය, සෙබළියෝ වැනි පාකිස්තානු - ලංකා හවුල් චිත්‍රපට නිෂ්පාදනයටත් ඔහු සම්බන්ධ වුණා.

ගාමිණී ෆොන්සේකා සහ සේන සමරසිංහ සුසංයෝගය එකල සිනමාවේ අතිශය ජනප්‍රිය විය.

මූලාශ්‍රය -  cinema.lk

 

kemadasa

shungara

Back to top
Go to bottom