හෙළ ගීත කෝකිලාවිය කලාශූරි ලතා වල්පොල මහත්මියගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය වන "ලතා" චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා.
මෙම චිත්‍රපටයේ ලතා වල්පොල මහත්මියගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී උමාලි තිලකරත්න විසිනුයි.
උමාලි තිලකරත්න සමගින් රොෂාන් රවීන්ද්‍ර, චින්තක වාස්, ප්‍රියංකා සමරවීර, නිහාරි වික්‍රමආරච්චි, චතුර ගයාන් සමගින් ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
"ලතා" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මනෝ වීරසේකර විසින් වන අතර, මූලික තිරපිටපත සහ නව ගීත නිර්මාණය මෙල්රෝයි ධර්මරත්න විසින් රචිතයි.
කැමරා අධ්‍යක්ෂණයෙන් - චන්දන ජයසිංහ, සහය අධ්‍යක්ෂණයෙන් - නිරෝශන් එදිරිමාන්න, කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණයෙන් - කුමාර කරව්දෙනිය, අංග රචනයෙන් - ප්‍රේමලාල් ලියනගේ සහ නිෂ්පාදන කළමණාකරණයෙන් - ෂර්ලි සමරසිංහ මීට දායක වී තිබනවා.
පසුගිය වසරේ ලතා වල්පොල මහත්මිය අප අතරින් නික්මගිය අතර මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වූයේ ඇය ජීවමානව සිටියදීමයි.
ඉතින්, නුදුරේදිම ලතා වල්පොළ මහත්මියගේ අමරණීය මතකයද සමඟ ඇගේ සංගීතමය ජීවන චාරිකාව සිනමා නිර්මාණයක් ලෙසින් ප්‍රේක්ෂක ඔබට දැක ගන්නට අවස්ථාව උදා වනු ඇත.
" ජීවිතේ ගෙව් මතකය ගොතා
මාවතේ මැව් ඒ රසවත් කතා
සිත්තමකවී රුවින් ලස්සන ඉතා
චිත්‍රපටයකි ඇගේ නාමෙන් ලතා "







තොරතුරු - ඇන්ටන් ජේ.ප්‍රනාන්දු









