ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ඉටි රූ කෞතුකාගාරයක අත්දැකීම රැගෙන එන ‘Colombo Wax Museum’(කොළඹ ඉටි කෞතුකාගාරය) පසුගියදා (29) කොළඹ ආකේඩ් (Arcade) පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අයුරින් විවෘත කරනු ලැබුවා.
මෙම අවස්ථාවට කලාකරුවන් නියෝජනය කරමින් රවින්ද්‍ර රන්දෙණිය, මහේන්ද්‍ර පෙරේරා, ආචාර්ය රෝහණ වීරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියන්ත සිරිකුමාර, කුසුම් රේණු, රත්නා ලාලනී ජයකොඩි, හිරුෂි ජයසේන, සුපුන් පෙරේරා, තරින්දි ප්‍රනාන්දු, චතුර රාජපක්ෂ, ප්‍රසන්න දකුම්පිටිය.. ඇතුළු කලාකරුවන් රැසක් ද සහභාගී විය.

ශ්‍රී ලාංකීය මෙන්ම ජාත්‍යන්තරයේ සිනමාව, සංගීතය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ සහ ලෝක ප්‍රකට චරිත වල ඉටි රූ 40 කට අධික ප්‍රමාණයකින් මෙම ඉටි රූ කෞතුකාගාරය සමන්විත වෙනවා.
මෙම සුවිශේෂී ඉටි රූ එකතුවේ එකතුවේ පුරෝගාමී නිර්මාණකරු වන්නේ ප්‍රවීණ නිර්මාණ වේදී අතුල හේරත් වන අතර මෑතකදී විවෘත වුණු මහනුවර "ඇහැලේපොල වලව්ව" ඉටි රූ කෞතුකාගාරයේ ඉටි රූ සියල්ලමත් ඔහුගේ නිර්මාණ වෙනවා.
මෙම කාර්ය සදහා ඔහුට ප්‍රධානම සහය ලබා දෙන්නේ ඔහුගේ පුත් මහිම හේරත් විසින් වන අතර කෞතුකාගාරයේ සියළුම ගෘහ නිර්මාණ කටයුතු සහ අනෙකුත් තාක්ෂණික කටයුතු සිදු වී ඇත්තේ මහිමගේ අධික්ෂණයෙන්.
ඒ අනුව ‘Colombo Wax Museum’ හි විවෘත කිරීමත් සමග තායිලන්තය බැංකොක්, ලන්ඩන්, සිංගප්පූරු... වැනි රටවල පවතින ‘මැඩම් ටුසෝඩ්’ වැනි ජාත්‍යන්තර මට්ටමේ ඉටි රූ කෞතුකාගරයක අත්දැකීම මෙරට දීම විදගන්නට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව උදා වෙනවා.
එමෙන්ම මෙම වැඩපිළිවෙළ කොළඹ කේන්ද්‍ර කොට ගෙන ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයට නව මානයන් එක් කරනු ඇත.




















