තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ “මෝඩ තරිඳු” චිත්‍රපටය මෙතෙක් ශ්‍රී ලාංකේය සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ ලාංකේය චිත්‍රපටය බවට පත් වීමට සමත්ව තිබෙනවා.
ඒ මේ වන විට දේශීය සිනමා ශලා තුළ තිරගත කිරීමෙන් පමණක් රුපියල් කෝටි 48.52 (මිලියන 500 ආසන්න) සමස්ත box office ආදායමක් උපයා ගැනීමට සමත් වෙමින්.

මේ අනුව මෙතෙක් රුපියල් කෝටි 37 කට ආසන්න මුදලක් (362,470,105.65) ඉපැයීමට සමත් වෙමින් 2013 වර්ෂයේදී තිරගත වූ, සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ “සිරි පැරකුම්” චිත්‍රපටය තබා තිබූ ආදායම් වාර්තාව බිඳ දැමීමට “මෝඩ තරිඳු” චිත්‍රපටය සමත් වී තිබෙනවා.
එමෙන්ම 2025 වර්ෂයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස ද “මෝඩ තරිඳු” චිත්‍රපටය වාර්තා අතරට එක්වන අතර, 2025 වර්ෂයේ තිර ගත වූ චිත්‍රපට රාශියක්ම ඉහළ ආදායම් වාර්තා සනිටුහන් කිරීමට සමත් වීමද විශේෂත්වයක් විය.
( 2025 වසරේ තිරගත වූ දේවි කුසුමාසන, රාණි සහ ‘වාලම්පූරි’ යන චිත්‍රපට ත්‍රිත්වය රුපියල් මිලියන 150 කඩඉම පසු කර යාමට සමත් වු අතර, 'නෙළුම් කුළුණ', 'ක්ලැරන්ස්' සහ 'නීරා' යන චිත්‍රපට ත්‍රිත්වය මිලියන 250 කඩඉම පසුකර යාමට සමත් විය.)
(ඉහත කී චිත්‍රපටවල සියලුම ආදායම් දත්ත, ශ්‍රී ලංකාව තුළ වූ සිනමාශාලාවල පමණක් තිරගත කිරීමෙන් ඉපැයූ සහ වැට් බද්ද, විනෝද බද්ද, අධිභාරය අඩු කළ පසු ආදායම බව සදහන් වේ).
'මෝඩ තරිඳු' චිත්‍රපටය පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 වනදා තිර ගත කිරීම් ආරම්භ වූ අතර “රිත්මා’ මණ්ඩලයේ නිළ බෙදාහැරීමක් ලෙස දින 100 ය ඉක්මවමින් තවමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වෙනවා.
සුර්යා දයාරුවන්, කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක උනා.
මෝඩ තරිඳු චිත්‍රපටය නිෂ්පාදනය කළේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Thisara Imbulana Films & Villa19 මගිනි.
“මෝඩ තරිඳු” චිත්‍රපටයේ ආදායම් වාර්තා පිළිබඳ සම්පූර්ණ විශ්ලේෂණ සටහන කියවන්න - click here
(මූලාශ්‍රය - උදිත කහඳවාඅරච්චි දත්ත විශ්ලේෂණය ඇසුරිනි)











