lan englan tam

පුවත්

68 වැනි ග්‍රැමී සම්මාන උළෙල: හොඳම නර්තනමය පොප් ගීතයට හිමි සම්මානය ලේඩි ගාගාට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

68 වන ග්‍රැමී සම්මාන උළෙල ඊයේ (01) දිනයේ ලොස් ඇන්ජලීස් නුවර Crypto.com Arena හි පැවැත්වුණා.

මෙවර සම්මාන උළෙලේදී ලේඩි ගාගා (Lady Gaga)  සිය " Abracadabra " ගීතය වෙනුවෙන් හොඳම ‘නර්තනමය පොප් ගීතය’ සඳහා වන සම්මානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

MV5BZjU0ZDlmNWMtOWZjOS00NDA4LWIwYTktOTUwYzExM2FjYTk2XkEyXkFqcGc. V1 1

 

එමෙන්ම සම්මාන උළෙලේදී හොඳම පොප් වෝකල් ඇල්බමය (Best Pop Vocal Album) ලෙසින් සම්මානයට පාත්‍ර වූයේද ඇයගේ නවතම “Mayhem” ගිත ඇල්බමයයි.

ලේඩි ගාගා සිය රංගනය සඳහා සූදානම් වෙමින් සිටි බැවින්, ඇය වෙනුවෙන් නිෂ්පාදකවරුන් වන ඇන්ඩෘ වොට් සහ සර්කට් සම්මානය පිළිගනු ලැබුවා.

ඇය සිය “Abracadabra” ගීතයේ රොක් (Rock) සංස්කරණයක් වේදිකාව මත ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ අතර, මෙම ගීතය වසරේ විශිෂ්ටතම ගීතය (Song of the Year) සහ වසරේ විශිෂ්ටතම පටිගත කිරීම (Record of the Year) යන ප්‍රධාන කාණ්ඩ යටතේද නිර්දේශ වී තිබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ ලේඩි ගාගා සතු මුළු ග්‍රැමී සම්මාන සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

මූලාශ්‍රය - hirunews

kemadasa

shungara

Back to top
Go to bottom