lan englan tam

පුවත්

ළඟදීම හමන “සූරිය සුළඟ”!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ලොක්කා හදිසි election එකකට යන්න හදන්නේ, ලොක්ක කැමති නෑ මේ කාලේ මේවගේ දෙයක් වෙනවට!

කොහොමද මිනිස්සුන්ව සාක්ෂියක් නැති විදියට අතුරුදහන් කරන්නේ!!"

 

'මන්දාරා', 'ආදරණීය කතාවක්', 'දේදුනු ආකාසේ' වැනි චිත්‍රපට ඔබ වෙත ගෙනා ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය, 'සූරිය සුළඟ' ළඟදීම දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීමට සූදානම් බව වාර්තා වෙනවා.

චිත්‍රපටයේ රූප රාමු කිහිපයක් මේ වන විට නිකුත් කර ඇති අතර පූර්ව ප්‍රචාරක පටයද නිකුත් වීමට නියමිතයි.

ත්‍රාසය, ආදරය හා ක්‍රියාදාමයන් පිරුණු අමතක නොවන සිනමා අත්දැකීමක් තිළිණ කරන්නට පොරොන්දු වන මෙම සිනමා නිර්මාණයට ප්‍රධාන චරිත වලින් නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මේඝ සූරියආරච්චි සමඟින් නවපරපුරේ තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නිහාරි පෙරේරා එක්වන අතර,

ඒ සමගින් සනත් ගුණතිලක, අශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ, මෞලි දුෂ්මන්ත, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ටෙරී ජයසිංහ, ලහිරු බාලසූරිය, මුතූ තරංගා, සජිනි රෝයි... වැනී  නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

මෙහි තිර රචනය ප්‍රියන්ත කොළඹගේ සහ වජිර කස්තුරි විසින් වන අතර  නිෂ්පාදනය: මනීශා ද සිල්වා, චම්මික ද සිල්වා, එම්.ආර්.එච් පෙරේරා, ප්‍රියන්ත කොළඹගේ විසිනි.

ඉතින්, නුදුරේදීම “සූරිය සුළඟ” නරඹන්නට සූදානම් වන්න. 

මේ වන විට නිකුත් කොට ඇති චිත්‍රපටයේ රූප රාමු කිහිපයක ඡායාරූප පහළින්>>

(ඡායාරූප trailers.lk විසිනි)

 

625953494 1570728468395669 2689365592799304235 n

624573634 1570698388398677 4085704587707063996 n

624893655 1570698598398656 6553004949603022278 n

627238044 1570698101732039 5138235573324991411 n

626777993 1570697881732061 2826435850636139665 n

627488144 1570699705065212 9025936778643932472 n

625433134 1570698205065362 2854124854411582358 n

626804789 1570700015065181 2859918747807391870 n

624541443 1570700121731837 581428585525679684 n

 

 

kemadasa

shungara

Back to top
Go to bottom