“පොප් රජු” (king of pop) යන නාමයෙන් හැදින්වෙන සුප්‍රකට ඇමරිකානු ගායකයෙකු, ගීත රචකයෙකු වූ මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ “Michael” හොලිවුඩ් චිත්‍රපටය එළඹෙන අප්‍රේල් 24 දා සිට ලොව තිරගත වීම් ආරම්භ කිරීමට නියමිතයි.
මේ වන විට චිත්‍රපටයේ නිල පෝස්ටරය සහ නිල පූර්ව ප්‍රචාරක පටයද අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.

“Michael” චිත්‍රපටයේ මයිකල් ජැක්සන්ගේ චරිතය නිරූපණය කරන්නේ Jaffar Jakson විසින් වන අතර ඔහු මයිකල් ජැක්සන්ගේ සහෝදරයාගේ පුත්‍රයා (nephew) වීම ද විශේෂත්වයක්.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක Antoine Fuqua විසින් වන අතර ඔහු වඩාත් ප්‍රකටව ඇත්තේ ‘Training Day’, ‘The Equalizer’, ‘Olympus Has Fallen’ වැනි ක්‍රියාදාම හා ත්‍රාසජනක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසයි.
චිත්‍රපටයේ තිර පිටපත ඔස්කාර් සම්මාන සදහා නිර්දේශිත තිර පිටපත් රචකයෙකු වන John Logan විසින් රචිතයි.
චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින් >>>









