ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අඩුම දින ගණනකින් මිලියන 100 සීමාව පසු කළ ලාංකේය චිත්‍රපටය බවට පත්වීමට “ධර්මයුද්ධය 2” සමත් වී තිබෙනවා.
ඒ දින 10 වැනි කෙටි කාලසීමාවක් තුළ මිලියන100 (ලක්ෂ 1000) ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙමින්.
“ධර්මයුද්ධය 2” චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි 23 වැනිදා සිට වන අතර, එදා පටන් මේ දක්වා ඊට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අතිශය ඉහළ වීම සුවිශේෂයි.

මෙය අධ්‍යක්ෂණය කළේ අරුණ ජයවර්ධන විසින් වන අතර, ???????? ????? ??????? ආයතනයය චිත්‍රපටය නිෂ්පාදනය කළා.
‘ධර්මයුද්ධය 2” චිත්‍රපටය යනු මීට පෙර මෙරට තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ධර්මයුද්ධය’ (2017) පළමු චිත්‍රපටයේම දෙවන දිගහැරුම වන අතර, පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ජැක්සන් ඇන්තනී නිරෑපණය කළ ‘හරිශ්චන්ද්‍ර’ ගේ චරිතය මෙම චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බිමල් ජයකොඩි විසිනුයි.
චිත්‍රපටයට රංගනයෙන් බිමල් ජයකොඩි ඇතුළුව දිල්හානි අශෝකමාලා, සනත් ගුණතිලක , බුද්ධදාස විතානාච්චි, තිසුරි යුවනිකා , විනුමි වන්සදී , කුසුම් රේණූ, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, කළණ ගුණසේකර.. ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
“ධර්මයුද්ධය 2” චිත්‍රපටය 'Drishyam 2' මලායාලම් චිත්‍රපටයේ නිල සිංහල ප්‍රතිනිර්මාණය වන අතර, "Drishyam" (2013) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය වූ ‘ධර්මයුද්ධය’ පළමු චිත්‍රපටය ද මෙරට බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට සමත් වූ චිත්‍රපටයක් බවට පත් උනා.










