lan englan tam

පුවත්

අසම්මත බැඳීමක මිලේච්ඡ කලු පැල්ලම “Room No:106”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මුළු රටම කතා කල, රටම කම්පා කළ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය  වූ,

 "Room No:106" නවතම සිනමා නිර්මාණය එළඹෙන මාර්තු මාසයේ සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

 

මීට රංගනයෙන් බිමල් ජයකොඩි, ඩිස්නි රාජපක්ෂ, කළණ ගුණසේකර, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, ප්‍රියන්ත සිරිකුමාර, දමිතා අඹේරත්න, නයෝමි තක්ෂලා, ජීවන් සප්ත රංග, ඉෂාන් මෙන්ඩිස්, ධනු ඉන්නසිතම්බි.... වැනි ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් දායක වෙනවා.

"Room No:106” අධ්‍යක්ෂණය කළේ 'සංජානා', 'රජ හොරු', 'හොරා පොලිස්', 'කිඩ්නැප්', 'ගිනිමල් පොකුරු' "The Game” වැනි චිත්‍රපට රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කළ ප්‍රවිණ හා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක සුරංග ද අල්විස් විසින්.

චිත්‍රපටයට තිර රචනයෙන් - සුනෙත් මාලිංග ලොකුහේවා, කැමරා අධ්‍යක්‍ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් - ප්‍රවීන් ජයරත්න, සංගීතය සහ ගායනයෙන් - සංඛ දිනෙත්, සහය අධ්‍යක්‍ෂණයෙන් නිරුක්ශාන් ඒකනායක, ශබ්ද නිර්මාණයෙන් - සශින් ගිම්හාන් පෙරේරා චිත්‍රපටයට දායක වී තිබෙනවා.

ඉතින්, එළඹෙන මාර්තු මාසයේ සිට ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා ශාලාවේදී "Room No:106" නරඹන්නට එක් විය හැකියි.

 

625325783 885615544075824 4186135732862025297 n

625515277 885615410742504 7894597693546595898 n

625370772 885615477409164 6203928737438857691 n

603863190 912915698311941 6480350697748447053 n

625394114 885615357409176 7890282984730595809 n

624659773 912916971645147 6328381058710719734 n

625374394 885616180742427 6748788944252427170 n

625351825 885615920742453 5875992375393758069 n

624703320 912915268311984 40593128208584503 n

 

kemadasa

shungara

Back to top
Go to bottom