lan englan tam

පුවත්

ප්‍රංශයේදී "රිවර්ස්ටන්” චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන ත්‍රිත්වයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රංශයේදී ඊයේ (03) රාත්‍රියේ නිමාවට පත් වූ 32 වන විසූල් අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළුව සම්මාන ත්‍රිත්වයක් දිනාගැනීමට "රිවර්ස්ටන්” ශ්‍රී ලාංකීය චිත්‍රපටය සමත් වී තිබෙනවා.

625686494 1401612208331027 4640315868716430890 n

 

ඒ අනුව, උළෙලේ (තරගකාරී අංශය යටතේ) විශිෂ්ටතම චිත්‍රපටය උදෙසා උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් පිරිනමන 'ස්වර්ණ පාපැදි සම්මානය' (CYCLO D'OR/ GOLDEN CYCLO AWARD) දිනා ගැනීමට ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ සහ ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ එක්ව නිෂ්පාදනය කළ "රිවර්ස්ටන් චිත්‍රපටය" සමත් විය.

එමෙන්ම එම අංශයේ හොඳම චිත්‍රපටය උදෙසා 'ගිමේ මියුසියම් ජූරිය' (GUIMET MUSEUM JURY) නම් වූ ස්වාධීන ජූරිය විසින් පිරිනැමූ "එමීල් ගිමේ සම්මානය'ද (EMILE GUIMET AWARD/ PRIX DES AMIS D'EMILE GUIMET),

සිනමා විචාරකයින්ගෙන් සැදුම්ලත් ස්වාධීන ජූරිය (CRITIC'S JURY) විසින් පිරිනැමූ 'විශේෂ ජූරි සඳහන'කින් (CRITIC'S JURY SPECIAL MENTION/ JURY DE LA CRITIQUE MENTION SPECIALE) පිදුම් ලැබීමටද "රිවර්ස්ටන්" චිත්‍රපටය සමත් විය.

සම්මාන ත්‍රිත්වය සමග රුපියල් මිලියන 03 කට ආසන්න ත්‍යාග මුදලක්ද  "රිවර්ස්ටන්” චිත්‍රපටය වෙනුවෙන් ප්‍රධානය කරන ලදී.

 

626819707 1401612164997698 6354562540560636874 n 1

 

1995 වර්ෂයේදී ආරම්හ වූ විසූල් සිනමා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් උළෙලේ පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ තෙවෙනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2012 වර්ෂයේදී අරුණ ජයවර්ධනගේ 'නිකිණි වැස්ස' චිත්‍රපටයත්, 2013 වර්ෂයේදී ප්‍රසන්න විතානගේගේ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටත් 'ස්වර්ණ පාපැදි සම්මානයෙන්' පිදුම් ලැබීමට සමත් වී තිබෙනවා.

විසූල්හී ලද සම්මාන ත්‍රිත්වයත් සමග "රිවර්ස්ටන්" චිත්‍රපටය මේ දක්වා දිනා ඇති මුළු ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

 

මූලාශ්‍රය - උදිත ලක්මාල් කහඳවආරච්චි 

Sri Lankans at International Film Festivals

 

 

 

 

 

 

 

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom