lan englan tam

පුවත්

ජනප්‍රිය දකුණු කොරියානු "SWEET:CH" සංගීත කණ්ඩායම දිවයිනට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන "Sweet: CH" කණ්ඩායම මෙරටට පැමිණ තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ කටුනාකය ගුවන් තොටුපොළ හරහා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ගුවන් තොටුපොළේ සංචාරක පර්යන්තයේ කාර්ය මණ්ඩලය ඇතුළු පැමිණ සිටි පිරිස සංගීත කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

 

626873192 122123609253117039 3623694549508434464 n

 

එළඹෙන පෙබරවාරි 07 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත ලංකාවේ ප්‍රථම ‘k – pop’ සංගීත ප්‍රසංගය සදහායි ඔවුන් මෙලෙස දිවයිනට පැමිණ තිබෙන්නේ.

 

628048314 122123609331117039 3781576332278755848 n

 

මෙම ප්‍රසංගය නම් කොට ඇත්තේ 'Sweet Day with SW:C' යන නමින් වන අතර Tickets Ministry හෝ  Pick Me app හරහා මේ ප්‍රසංගය නැරඹීම සදහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ද රසිකයන්ට සලසා දී තිබෙනවා.

 

Sweet: Ch යනු සාමජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත දකුණු කොරියාවේ DNA Entertainment ආයතනය යටතේ ක්‍රියාත්මක ජනප්‍රිය K-pop පිරිමි සංගීත කණ්ඩායමක් වන අතර, ඔවුන්ගේ ප්‍රථම ගීත ඇල්බමය වන "Candy House" හරහා ජාත්‍යන්තර අවධානය දිනාගත් මොවුන්, ප්‍රබෝධමත් සංගීත රටාවන් සහ සජීවී නර්තන දක්ෂතා (Performance) හේතුවෙන් කෙටි කලකින් ජනප්‍රියත්වයට පත් විය.

 

627675528 122123609283117039 6832767188106466823 n

625104911 122123988597020037 5628273181320562509 n

 

 

kemadasa

shungara

Back to top
Go to bottom