මෙරට සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උදාරි වර්ණකුලසූරිය ප්‍රථම වරට දමිළ චිත්‍රපටයකට රංගනයෙන් දායක වීම සදහා එක් වී තිබෙනවා.
මෙම චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊයේ (පෙබරවාරි 4) යාපනයේදී පැවැත්වුණ අතර, මෙහි කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදුකරන්නේ යාපනයේ වෙසෙන දමිළ අධ්‍යක්ෂවරයෙක් වන ලී මුරලි විසින්.
චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ශේල්වින් දාස් විසින්.
මෙහි ප්‍රධාන චරිතයකින් උදාරි වර්ණකුලසූරිය රංගනයෙන් එක් වන්නට නියමිත අතර, ඇය විසින් නිරූපණය කරන්නේ දාම ඝාතකයෙකුගේ (serial killer) චරිතයක් බවයි සදහන් වන්නේ.
චිත්‍රපටයේ රූගත කිරීම් රටවල් හතරක සිදු වන අතර, රූපගත කිරීම් තව මාසයකින් පමණ ආරම්භ වීමට නියමිතයි.
මතු දැක්වෙන්නේ ඊයේ පැවති චිත්‍රපටයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්.


















