lan englan tam

පුවත්

ඉලෛයරාජාගේ සංගීතයෙන් ඔපවත්වන “අන්තෝනි” ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය ඉන්දීය සංගීත අධ්‍යක්ෂක ඉලෛයරාජාගේ (Ilaiyaraaja) සංගීතයෙන් හැඩවන, “Anthony"(අන්තෝනි) ලාංකීය සිනමාපටය නුදුරේදීම ලෝ පුරා තිරගත වීමට සුදානමින් තිබෙනවා.

යාපනයේ ජීවත් වන ධීවර පවුලක් වටා ගෙතෙන ‘Anthony’ චිත්‍රපටය සිංහල, දමිළ සහ මලයාලම් යන භාෂා ත්‍රිත්වයෙන්ම තිරගත කිරීමට නියමිතයි.

Sukirthan Christuraja සහ Jenosan Rajeswar විසින් අධ්‍යක්ෂණය කළ මෙහි, 

ප්‍රධාන චරිත සඳහා කායල් වින්සන්ට්, TJ.භානු, සුදර්ශන්, සෞමි.. ඇතුලු ලාංකීය දමිළ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

ලෝකප්‍රකට, සම්මානනීය ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ඉලෛයරාජා(Ilaiyaraaja) විසින් මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කොට තිබීම විශේෂත්වයක්.

මූලාශ්‍රය - cinema lk

මතු දැක්වෙන්නේ චිත්‍රපටයේ නිකුත්කර තිබූ නවතම පෝස්ටර ත්‍රිත්වයයි.

 

630658088 1395443232057198 4270376847852733895 n 1

630962655 1395443162057205 1862614769823804513 n 1

627954145 1395443298723858 8228923820898439653 n 1

kemadasa

shungara

Back to top
Go to bottom