ලෝකයේ විවිධ රටවල සමාජ මාධ්‍ය හරහා අතිමහත් ජනප්‍රියත්වයට පත් වූ පුද්ගලයන් බොහෝමයක් ඇතත්, කිසිම රටක ඒ රටේ සමාජ මාධ්‍ය ජාලා තුළ ජනප්‍රිය චරිත රැසක් එක් තැන් කරගනිමින් මෙතෙක් සිනමා නිර්මාණයක් නිපදවී නොමැත.
එනමුත් මෙරට සමාජ මාධ්‍ය ජාලා තුළ හාස්‍ය රසයෙන් විස්කම් පාමින් විශාල යූ ටියුබ් ග්‍රාහහයින් පිරිසකගේ ආකර්ෂණයට නතුවූ ජනප්‍රියම නිර්මාණකරුවන් හත්දෙනෙක් එකම චිත්‍රපටයක රංගනයෙන් දායක වන,
"ඒක තමයි මේක" සිනමා පටය ළඟදීම රිදී තිරයට පැමිණෙන්නට නියමිතයි.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ 'සංජානා', 'රජ හොරු', 'හොරා පොලිස්', 'කිඩ්නැප්', 'ගිනිමල් පොකුරු' ‘The Game” වැනි චිත්‍රපට රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කළ ප්‍රවිණ හා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක සුරංග ද අල්විස් විසිනුයි.
මීට රංගනයෙන් : රංග ජයකොඩි(ජනා), චමල් රත්නායක (ප්‍රියා), රතිඳු රත්නායක(රැට්ටා), ලෝචනා ජයකොඩි (ලෝචි), ලක්මාල් වීරසේකර (ලකා), ශාන් අරෝශ (සිකා), ජනිත් රූපසේන (සිරිල් අයියා) සමගින්,
ජනිත් වික්‍රමගේ, සංජානා ඔනාලී, සංගීත් ප්‍රභූ, කළණ ගුණසේකර, දමිතා අබේරත්න, වින්සන් ගුනරත්න, ආනන්ද වික්‍රමගේ, පියුමි බොතේජු... ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායකත්වය ලබා දී තියෙනවා.
විදේශගත වීමට ලංකාවේ විවිධ පලාත්වලින් කොළඹට පැමිනි තරුණයන් පස් දෙනෙකුට සහ එක තරුණියකට කොළඹදී මුහුන දීමට සිදුවෙන සිදුවීම් මාලාවක් පදනම් කර ගෙනයි චිත්‍රපටයේ කතාව ගලා යන්නේ.
මෙය ප්‍රේක්ෂකයා සිනා සාගරයක ගිල්විය හැකි ප්‍රහසනාත්මක චිත්‍රපටයක් ලෙස මතුපිටින් ගලා ගිය ද ශ්‍රි ලාංකික තාරුණ්‍යය මුහුණ පා ඇති ගැටළු සම්බන්ධව යටි අරුතක් සහිතව වඩාත් ගැඹුරු කතාන්දරයක් සමාජය වෙත ගෙන එනු ලබනවා.
චිත්‍රපටයේ නිල ගීතය නරඹන්න පිවිසෙන්න පහළින්>>
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ රූපහල ප්‍රඩක්ෂන් සහ සංගීතා ෆිල්ම්ස් විසිනි.
පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක් වන 'ඒක තමයි මේක' ළඟදීම ප්‍රේක්ෂක ඔබට ළගම සිනමා හලේදී නැරඹීමට අවස්ස්ථාවක් උදා වනු ඇත.
තොරතුරු - ඇන්ටන් ජේ ප්‍රනාන්දු









