ඇමරිකානු යොවුන් නාට්‍ය මාලාවක් වූ ‘Dawson's Creek’ හි ප්‍රධාන චරිතය තුළින් ලොවක් හඳුනා ගත් ප්‍රවීණ රංගන ශිල්පී ජේම්ස් වෑන් ඩර් බීක් (James Van Der Beek) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගී තත්වයක් ඔහු මෙලෙස අභාවප්‍රප්ත වීමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මියයන විට ඔහු 48 වන වියේ පසුවිය.
2000 දශකයේ මුල් භාගයේදී ‘Dawson's Creek’ කතා මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම හරහා ජේම්ස් වෑන් ඩර් බීක් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර එය 1998 සිට 2003 දක්වා විකාශය විය.

එමෙන්ම රූපවාහිනී තිරයට අමතරව, ඔහු “Varsity Blues” (1999), “Texas Rangers” (2001) සහ “The Rules of Attraction” (2002) වැනි චිත්‍රපට හරහා ජනප්‍රියත්වයට පත් විය.
එමෙන්ම 2019 වසරේදී ඔහු “Dancing with the Stars” තරගාවලිය සඳහා ද එක් විය.









