2025 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ(10) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙහිදී දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස ලෙස සේවියර් කණිෂ්ක “Wingfield Family | පළිඟු රෑන” නාට්‍යයේ රංගනය වෙනුවෙන් ද,
හොඳම නිළිය ලෙස කසුනි කාවින්දි “අප අතර ඌ” නාට්‍යයේ රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර උනා.
වසරේ හොඳම නාට්‍ය නිර්මාණය ලෙස චාමර ගුරුගේගේ “අප අතර ඌ” නාට්‍යය සම්මානයට පාත්‍ර වූ අතර,
වසරේ හොඳම අධ්‍යක්ෂණය ලෙස “Wingfield Family | පළිඟු රෑන” නාට්‍යය වෙනුවෙන් පූජිත ද මෙල් සම්මාන දිනා ගනු ලැබුවා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කළ 2025 රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන වටයේ නාට්‍ය ප්‍රදර්ශනය 2025 නොවැම්බර් මස 10වැනිදා සිට 27වැනිදා දක්වා පැවැත්වුණි.
ඒ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ය.
මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ අඛණ්ඩව 52වැනි වරට සංවිධාන වූ අතර ඒ සඳහා උතුරු, නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය ද්විත්වයෙන්ම දිගු හා කෙටි නාට්‍ය නිර්මාණ ඉදිරිපත්ව තිබුණි.
දේශීය නාට්‍ය කලාවේ ප්‍රගමනය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළ සංවිධාන කරනු ලබයි.









