මෙරට ජනකාන්තම නළු නිළි දෙපළක් වන හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය ප්රධාන චරිත වලින් රංගනයෙන් දායක වන ‘වයිෆ්’ චිත්රපටය දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.
මෙම චිත්රපටය තුළින් විවාහක යුවළක් ලෙසින් උදාරි - හේමාල් සුසංයෝගය සිනමා තිරයට පැමිණෙන අතර, මාධව(හේමාල්) හා නිර්මලා (උදාරි) ගේ ආදර කතාව කෙසේ ලියවෙයිද? යන්න ‘වයිෆ්’ සිනමා පටය හරහා දිගහැරෙනවා.
හේමාල් සහ උදාරි සමගින් වීනා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස් , ප්රියන්ත සෙනවිරත්න ,පියුමි බොතේජු , රෙබෙකා දිල්රුක්ෂි , දිනිති වල්ගමගේ, දිනෙත් ද සිල්වා, ගයාන් මාපලගම, රුක්ෂානා දිසානායක, බෙනට් රත්නායක, ජයනි වීරසිංහ, මල්කාන්ති ජයසිංහ, නෙතලී නානායක්කාර ඇතුළු රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
වයිෆ්’ චිත්රපටය අධ්යක්ෂණය කළේ ‘මෝටර් බයිසිකල්’, ‘සිහින නෙලුම් මල්’ වැනි චිත්රපට ප්රේක්ෂකයාට තිළිණ කළ සම්මානනීය තරුණ සිනමා අධ්යක්ෂක ශමීර නාඔටුන්න විසිනුයි.
ප්රේක්ෂක ඔබට දැන් ලඟම සිනමා ශාලාවේදි ‘වයිෆ්’ චිත්රපටය නරඹන්නට එක් විය හැකියි.

මතු දැක්වෙනේ ‘වයිෆ්’ චිත්රපටයේ ප්රචාරණ කටයුතු අතර තුර කැමරා කාචයේ සටහන් වූ උදාරි සහ හේමාල්ගේ අපූරු ඡායාරූප පෙළක්.
Photos – Nirosha Jayawardena















