ජනප්‍රිය ඉන්දීය නළු නිළියන් දෙපළක් වන විජේ දේවරකොන්ඩා හා රශ්මිකා මන්දනා අද(26) දින විවාහ වි තිබෙනවා.
වාර්තා වන ආකාරයට මෙම යුවළගේ විවාහය අද පෙරවරු 10:10 ට සාම්ප්‍රදායික තෙළිඟු චාරිත්‍රානුකූලව සුදු වී ඇති අතර, අනතුරුව සවස් වරුවේ රශ්මිකා මන්දනාගේ කොඩව (Kodava) උරුමය පදනම් කරගත් තවත් විවාහ මංගල උත්සවයක් පවත්වා තිබෙනවා.
ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදීත් මේ දෙපළගේ විවාහයට සුබ පැතුම් එක් කරමින් පණිවිඩයක් නිකුත් කර තිබුණා.
මේ විවාහ මංගල්‍යය නම් කර තිබුණේ 'virosh' යන නමින්. ඒ විජේ ගේ සහ රශ්මිකාගේ නම් එක් කරමින් රසිකයන් විසින් නිර්මාණය කළ නමක් ඇසුරිනුයි.
ඔවුන් මෙලෙස විවාහ දිවියට එළඹෙන්නේ වසර 07 ක ආදර කතාවකට පසුවයි.
විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දන්නා ප්‍රථම වරට එකට රංගනයෙන් දායක වූයේ 2018 වසරේ තිරගත වූ "Geetha Govindam" නම් තෙළිඟු චිත්‍රපටයෙනි. එහි ඔවුන්ගේ රංගන සුසංයෝගය රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර, පසුව 2019 වසරේදී "Dear Comrade" චිත්‍රපටය සඳහාද ඔවුන් නැවත එක් විය.
මතු දැක්වෙන්නේ විජේගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා එක් කර තිබූ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයක්.



















