lan englan tam

පුවත්

“මුට්ටාල් තරිඳු” අද සිට තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙමළ බසින් හඩ කවන ලද “මෝඩ තරිඳු” චිත්‍රපටය අද (27) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

මෙය නම් කර ඇත්තේ “මුට්ටාල් තරිඳු” (Muttal Tharindu) යන නමින් වන අතර, ශ්‍රී ලාංකීය දමිළ ප්‍රේක්ෂකාගාරයට මේ හරහා චිත්‍රපටය වඩාත් හොඳින් රස විඳීමට අවස්ථාව උදා වනු ඇති.

 

 

තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කළ “මෝඩ තරිඳු” සිංහල චිත්‍රපටය  (තවමත් තිරගත වෙමින්) අතිශය ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිකරගත් අතර, ආදායම් වාර්තා වලට අනුව ලාංකීය සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය බවටද පත් වීමට සමත් උනා.

සුර්යා දයාරුවන්, කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන... ඇතුළු රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

මතු දැක්වෙන්නේ “මුට්ටාල් තරිඳු” චිත්‍රපටය පළමු සතිය තුළ (පෙබ. 27 -මාර්තු 05) තිරගත වන සිනමා ශාලා පිළිබඳ විස්තර සටහනයි.

 

642262321 122253493910264753 5621233641896868681 n

වැඩි විස්තර සදහා පිවිසෙන්න : "Muttal Tharindu - முட்டாள் தரிந்து"  නිල ෆේස්බුක් පිටුව වෙත,

 

kemadasa

shungara

Back to top
Go to bottom