lan englan tam

පුවත්

22 වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල: නිර්දේශ නාම ප්‍රසිද්ධ කෙරේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

22 වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර ද අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

සම්මාන උළෙලේ නිර්දේශ නාම ඊයේ (27) දිනයේ 'Waters Edge' හීදී පැවති නිර්දේශ නාම සන්ධ්‍යාවේදී ප්‍රසිද්ධියට පත් කෙරුණා.

2025 වර්ෂයේ විකාශය වූ ටෙලි නාට්‍ය ඇසුරිනුයි මෙවර ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශ නාම ප්‍රකාශයට පත් කොට ඇත්තේ.

සම්මාන උළෙල 2026 මාර්තු 28 කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී මෙම නිර්දේශ නාම අතරින් ජයග්‍රාහකයන් තෝරාගනු ඇති.

මෙවර වසරේ විශිෂ්ටත්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සදහා නිර්දේශ නාම 3ක්  ප්‍රකාශයට පත් කොට ඇති අතර,

ධනුෂ්ක රේමන්ඩ් අධ්‍යක්ෂණය කළ ‘The Lake’ (ජාතික රූපවාහිනිය)

ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ 'ඉරගිනි මද්දහන'  (ජාතික රූපවාහිනිය)

ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘සසංකාරා’  (ජාතික රූපවාහිනිය) 

යන නාට්‍ය ත්‍රිත්වය ඊට ඇතුළත්.

'වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා' ලෙස නිර්දේශ නාම 4ක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

රොෂාන් රවීන්ද්‍ර (පණ්ඩුල) –‘සිටුවර පුවත’ (ජාතික රූපවාහිනිය)

සෞම්‍ය ලියනගේ (ග්‍රෑන්ඩ්සන්/බොනී) ‘The Lake’ (ජාතික රූපවාහිනිය)

සම්පත් ජයවීර (පැබ්ලෝ) ‘පැබ්ලෝ’ (ස්වර්ණවාහිනිය)

අකලංක ප්‍රභාෂ්වර (ධනුක) ‘රට පවුල’ (ස්වර්ණවාහිනිය)

 

'වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය' ලෙස ප්‍රකාශ කරන ලද නිර්දේශ නාම මෙසේයි.

තරින්දි ප්‍රනාන්දු (සමන්තී) – ‘ඉරගිනි මද්දහන’(ජාතික රූපවාහිනිය)

යුරේනි නොෂිකා (දිනූ) – ‘රීකන්ඩිෂන් කෙල්ල’(ස්වර්ණවාහිනිය)

ජයනි සේනානායක (දමයන්ති) –‘රට පවුල’ (ස්වර්ණවාහිනිය)

අප්සරා ගුණතිලක (ග්‍රේස්) ‘සසංකාරා’ (ස්වාධීන රූපවාහිනිය)

 

'වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය" සදහා නිර්දේශ නාම තුනක් ඉදිරිපත්ව ඇති අතර, ඒ

‘The Lake’ - (ජාතික රූපවාහිනිය) නිෂ්පාදනය - සේමිණී ඉද්දමල්ගොඩ / අතුල ඉද්දමල්ගොඩ

‘සසංකාරා’- (ස්වාධීන රූපවාහිනිය) නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි / චන්න ප්‍රනාන්දු / බන්ධුල ඒකනායක

‘සිටුවර පුවත’ - ( ජාතික රූපවාහිනිය) නිෂ්පාදනය - චන්දන ලියනගුණවර්ධන

 

මතු දැක්වෙන්නේ අනෙකුත් ටෙලි නාටය විශිෂ්ඨතා නිර්දේශ නාමයන්ය.

rt 1

rt 2

rt 3

rt 4

rt 5

rt 6

rt7

rt 8

rt 9

rt 10

rt 11

විස්තර සටහන් Raigam Tele'es නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි.

kemadasa

shungara

Back to top
Go to bottom