lan englan tam

පුවත්

ලෙනාර්ඩ් වුල්ෆ්ගේ ‘බැද්දේගම’ පුංචි තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉංග්‍රීසි පාලන සමයේ (1913) මෙරට සිටි බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියෙකකු වූ ලෙනාර්ඩ් වුල්ෆ් විසින් දිවයිනේ ග්‍රාමීය කැලෑබඳ ගමක මිනිසුන්ගේ ජීවිත වල යථාර්ථය විස්තර කරමින් ලියූ විශිෂ්ඨ නවකතාවක් ලෙස සැලකෙන “බැද්දේගම”නවකතාව පාදක කර ගනිමින්, නිර්මාණය වන නවතම ටෙලි නිර්මාණයක වැඩ කටයුතු මේ දින වල සිදු වෙනවා.

baddegama leonard woolf a p gunarathne 500x500ලෙනාර්ඩ් වුල්ෆ්ගේ 'බැද්දේගම' ඉංග්‍රීසි කෘතියේ සිංහල අනුවාදයක පිටකවරයේ ඡායාරූපයකි.

 

මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර ආදරණීය කතාවක්, මන්දාරා, දේදුනු ආකාසේ .. වැනි ජනප්‍රිය චිත්‍රපට මෙන්ම සකූගේ කතාව, සකූගේ ලෝකය.. වැනි ටෙලි නිර්මාණයන් ද ප්‍රේක්ෂකයා වෙනුවෙන් තිළිණ කළ ප්‍රියන්ත කොළඹගේ විසිනුයි.

මීට රංගනයෙන් සෞම්‍ය ලියනගේ, උමාලි තිලකරත්න, රෙබෙකා දිල්රුක්ෂි, අකලංක ප්‍රභාෂ්වර, ආනන්ද කුමාරඋන්නැහේ, මාධනී මල්වත්ත, ප්‍රියන්කර රත්නායක, මල්කාන්ති ජයසිංහ, චරිත් මධුරංග, ටෙරී ජයසිංහ, නිම්මි මනෝහරි, රංජිත් කඩුපිටිය, නයනා හෙට්ටිආරච්චි, සනත් බලංගොඩ සමග තවත් ප්‍රවීණ රංගන ශිල්පීන් ගණනාවක් දායක වෙනවා.

 

641092952 10236765776777014 3419169013712886905 n

 

මෙහි තිර කතා වින්‍යාසයෙන් - ප්‍රියන්ත කොළඹගේ, විපුල සුමනසේකර, තිර රචනයෙන්. - කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදානපතිරන, කැමරා අධ්‍යක්ෂණයෙන්. - ලක්ෂ්මන් වික්‍රමතිලක, සංස්කරණය සහ වර්ණ සංකලනයෙන් - මේඝ කාවින්ද කොළඹගේ, සහය අධ්‍යක්ෂණයෙන් - ප්‍රියන්ත ශ්‍රී සමරකෝන්, VFX - දසුන් සන්දීප කොළඹගේ, කලා අධ්‍යක්ෂණයෙන් - ලෙස්ලි විමල් වීරසිංහ, ඇඳුම් නිර්මාණයෙන් - හර්ශන ලාල් කුමාර, වේෂ නිරූපනයෙන්. - සංජය නිපුන ආරච්චි, කොන්ඩා නිර්මාණයෙන් - රුචිර කහඳ, සංගීතයෙන් - නවරත්න ගමගේ දායක වෙනවා.

'බැද්දේගම' ටෙලි නිර්මාණය නිෂ්පාදනය කරන්නේ ප්‍රියන්ත කොළඹගේ සහ ලසිත ගුණසිංහ විසින් වන අතර ,‘’Colombage Films and Creative Force’ ඉදිරිපත් කිරීමක් වනවා.

 

ඉතින් නුදුරේදීම "බැද්දේගම සිලිඳු, ඩිංගි, පුංචිමැනිකා, හින්නී කේන්ද්‍ර‍ කරගත් ජීවිතවල කේදනීය යථාර්තය..., 

විශිෂ්ඨතම නවකතාවක රූපමය දිගහැරුම පුංචි තිරයේ දැකගන්නට ප්‍රේක්ෂකයාට අවස්ථාව උදා වනු ඇති.

 

මතු දැක්වෙන්නේ “බැද්දේගම” ටෙලි නිර්මාණයේ දර්ශන තලයෙන් ලබාගත් ඡායාරූප කිහිපයක්.

 

640314916 10236765768416805 4607387383960919529 n 1

641402114 10236765764616710 56188362088265127 n 1

641472154 10236765767496782 8551811430844446583 n 1

641489077 10236765769096822 297745472522736195 n

641503112 10236765769416830 3686386021847920049 n

641577982 10236765778697062 3198665801569506763 n

641486235 10236765775616985 2601205488431605329 n

643684171 10236765778617060 5258627068994186850 n

643395580 10236765762576659 8434791647172983794 n

641327049 10236765760536608 3471146701786048480 n

 

(ඡායාරූප උපුටා ගැනීම 'Priyantha Colombage' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom