lan englan tam

පුවත්

කුමාරි ජයවර්ධන ඇගයීම 23 දා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනියක වන ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ උත්සවයක්,

2026 මාර්තු 23 වැනි සඳුදා, සවස 4.00 ට, කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී (NAT) පැවැත්වීමට නියමිතයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් පැවැත්වීමට නියමිත අතර, ආචාර්ය චූලනි කොඩිකාර විසින් ආචාර්ය කුමාරි ජයවර්ධන පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සිදු කරනු ඇති.

වැඩසටහන මෙහෙය වනු ලබන්නේ ආචාර්ය සසංක පෙරේරා විසිනි.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට සහෝදරාත්මකව ආරාධනා කර සිටින අතර, එදින (ප.ව 3.45) වන විට අසුන් ගන්නා මෙන්ද ඉල්ලා සිටී.

සංවිධානය: කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය

විමසීම් - මාලා: 0714 159 840       ජිනාලි: 0714 719 971

 

647166660 1388241979988720 5357792327762625386 n 1

kemadasa

shungara

Back to top
Go to bottom