90 දශකයේ මෙරට ජනප්‍රිය සිනමා නළුවෙකු වූ රාජිත රොද්‍රිගූ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් අද (07) උදෑසන ඔහු මෙලෙස අභාවප්‍රාප්ත ඇති බවයි සදහන් වන්නේ.
සෝනියා දිසාගේ සහ සුනිල් ටී. ප්‍රනාන්දුගේ හඳුන්වාදීමක් ලෙස "මමයි රජා" චිත්‍රපටයේ සුළු චරිතයක් නිරූපණය කරමින් සිනමාවට පිවිසි ඔහු මුල්වරට සහය චරිතයක් සඳහා රංගනයෙන් එක් උනේ "චණ්ඩි රජා" චිත්‍රපටයේ වෛද්‍යවරයකුගේ චරිතයෙනි.
ඉන් පසු "සුරනිමල", "සිංහයන්ගෙත් සිංහයා", "ලොකු දුව", "සක්විති රජ", "මේ මගේ වාරේ", "ලස්සනයි බලන්න", "වාසනා වේවා".. වැනි චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක විය.
බර්ට්‍රම් නිහාල්ගේ "ගම්පෙරළිය" ටෙලි නාට්‍යයේ තිස්සගේ මිතුරා ලෙස ඔහු ඉදිරිපත් කළ රංගනය තුළින් ඔහු ටෙලි තිරයේද වඩාත් ප්‍රකට විය.
"සීමා" වේදිකා නාට්‍යයේ ඔහු සමග රඟපෑ සඳුන් විජේසිරිගේ මැදිහත්වීමෙන් "ටිකිරි නිලමේ" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය ද රඟපෑ ඔහු ලාල් ප්‍රියදේවගේ 'අපට සැදුණ අපේ ලෝකයක්' චිත්‍රපටයේ සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'කදිර දිව්‍යරාජ' චිත්‍රපටයෙන්ද මෑත කාලීනව යළිත් තිරයේ දක්නට ලැබුණි.
රජිත විවාහ වූයේ සමකාලීන ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ ශෂී රුද්‍රිගූ සමගින් වන අතර, දෙදරු පියෙක් වූ ඔහුට දියණියක් සහ පුතෙකු සිටිනවා.
ඡායාරූපය - Dayan Witharana විසින් ගනු ලැබූවකි.









