lan englan tam

පුවත්

ජාත්‍යන්තර සම්මානනීය"රිවර්ස්ටන්"ළඟදීම රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොල්කටා, ෂැංහයි, සිංගප්පූරු.. ආදී ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වූලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ "රිවර්ස්ටන්" (Riverstone) සිංහල චිත්‍රපටය එළඹෙන අප්‍රේල් මාසයේ සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයද මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

චිත්‍රපටයේ කතාව ගලා යන්නේ අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකුව රැගෙන යන පොලිස් නිලධාරීන් 3න් දෙනෙකු වටා වන අතර, ක්‍රමයෙන් එය යුක්තිය, බලය සහ හෘද සාක්ෂිය පිළිබඳ මනෝවිද්‍යාත්මක ගැටුමක් බවට පරිවර්තනය වෙයි.

ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, ආනන්ද කුමාර උන්නැහැ හා ප්‍රබෝදිනී චන්ද්‍රසේනගේ රංගනයෙන් ඔපවත් වන "රිවර්ස්ටන්" චිත්‍රපටය,

ප්‍රභාත් රෝෂන් ගේ කැමරා අධ්‍යක්ෂණයෙන්, ලලිත් රත්නායකගේ හා නිලන්ත පෙරේරාගේ තිර රචනයෙන්, තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයෙන්, චාලක යසස් පෙරේරාගේ සංගීතයෙන්, සමන්ත වන්නිආරච්චිගේ කලා අධ්‍යක්ෂණයෙන්, සසික රුවන් මාරසිංහගේ ශබ්ද සැලසුම්කරණයෙන්, ප්‍රියන්ත දිසානායකගේ  වේෂ නිරූපණයෙන් නිමවී තිබෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කළේ ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ විසින්.

"රිවර්ස්ටන්" (Riverstone) චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom