නුදුරේදීම තිරගත වීමට නියමිත බර්ට්‍රම් නිහාල්ගේ නවතම සිනමා නිර්මාණය වන‘දරී’(Dari-The Cave) චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය ඊයේ (13) දිනයේ අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන ‘තමර සිනෙරූ’ සමාගම වෙනුවෙන් එය ජනගත කළේ සරසවි පොත් ප්‍රකාශන සමාගමේ අධිපති එච්.ඩී. ප්‍රේමසිරි විසිනුයි.

ඒ අනුව www.darifilm.lk යන වෙබ් අඩවිය ඔස්සේ චිත්‍රපටය පිළිබඳ සුවිශේෂී තොරතුරු දැනගැනීමට දැන් ඔබට අවස්ථාව උදා වෙනවා.
‘දරී’(Dari-The Cave) යනු බර්ට්‍රම් නිහාල්ගේ කුළුදුල් සිනමා නිර්මාණය වන අතර, මීට පෙර ගම්පෙරළිය (1987), රුපියල් සත (1991), දඩබිම (1993), කඩවර (1995), අමරපුරය (2008) වැනි විශිෂ්ඨ ටෙලි නිර්මාණ රැසක් ලාංකීය ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ නිර්මාණකරුවා වන්නේ ඔහුයි.

'දරී' සිනමාවට නැගෙන්නේ උපනන්ද වැලිකලගේ “කර්ම චාරිකාව” සම්මානනීය නවකතාව ඇසුරින් වන අතර,
මීට රංගනයෙන්, සෞම්‍ය ලියනගේ, ප්‍රියංකර රත්නායක, වීණා ජයකොඩි, චන්දිමා කරුණාදාස, රෝහණ පතිරත්න, හසරින්ද කේසර, සංජීවන් ගුණතිලක, චමින්ද බටුකොටුව, ශ්‍රියා කළුබෝවිල... ඇතුළු තවත් දක්ෂ නළු නිළියන් රැසක් එක්වෙනවා.










