මෙරට ජනප්‍රිය යූ ටියුබ් හාස්‍යෝත්පාදක අන්තර්ගතයන් නිර්මාණකරුවන් දෙදෙනෙක් වන ලක්මාල් වීරසිරි (ලකා) සහ ශාන් අරෝශ (සිකා) දෙදෙනාගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය සනිටුහන් කරන,
"සුරදෙටුවෝ" නවතම චිත්‍රපටය දැන් EAP ඇතුළු දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.
සුරලොවත් මනුලොවත් යා කෙරෙන අපූර්ව කතා තේමාවක් පාදක කර ගනිමින් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි, හාස්‍ය මුසු වූ සිනමාපටයක් ලෙසයි "සුර දෙටුවෝ" ප්‍රේක්ෂකාගාරයට තිළිණ වන්නේ.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ලක්මාල් වීරසිරි (ලකා) විසින් වන අතර, මෙය ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.
මීට රංගනයෙන්, ලක්මාල් වීරසිරි (ලකා) සහ ශාන් අරෝශ (සිකා) සමගින්, ළමා නිළි නෙතිනි වීරසිංහ, ශාලිකා නදිශානි, සුගන්ධී වෝෂදී, දර්ශන් අවරාජා, සුදක්ෂා සමාධි, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, අජිත් වීරසිංහ, ගීත්මා බණ්ඩාර සහ වර්නි පෙරේරා... ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළු නිළියන් පිරිසක් දායක වෙනවා.
චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා, ලක්මාල් වීරසිරි සහ ප්‍රියනාත් විදානපතිරණ විසින් වන අතර, "සුරදෙටුවෝ" නිෂ්පාදනය කරන්නේ සුදේශ් මුතුනවගොන්න විසින්.
ඉතින්, ප්‍රේක්ෂක ඔබට දැන් ළඟම සිනමා ශලාවේදී "සුරදෙටුවෝ" නරඹන්නට එක් විය හැකියි.
පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>>









