lan englan tam

පුවත්

ඉතිහාසයේ පළමු වරට 'සිනමා කැමරාකරණය' සඳහා ඔස්කාර් සම්මානය කාන්තාවකට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

98 වන ඔස්කාර් සම්මාන උළෙල(2026) ඉරිදා රාත්‍රියේ ඇමෙරිකාවේ ලොස්-ඇන්ජලීස් හීදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙවර සම්මාන උළෙලේදී 'Sinners' චිත්‍රපටයේ කැමරාකරණ ශිල්පිනී ඕටම් ඩුරල්ඩ් (Autumn Durald Arkapaw) හොඳම සිනමා කැමරාකරණය (cinematography) වෙනුවෙන් වූ ඔස්කාර් සම්මානය දිනා ගැනීමට සමත් වීම සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය.

එනම්, 98 වසරක ඔස්කාර් සම්මාන ඉතිහාසයේ කාන්තාවක් හොඳම කැමරාකරණය (cinematography) වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

 

18719235 031526 cc osc sinners cinematography autumn arkapaw vid

 

ඇය සම්මානය ලබාගන්නා අවස්ථාවේදී මුළු (ප්‍රේක්ෂකාගාරය) අසුන්වලින් නැගී සිට ඇයට ගෞරවාචාර පළ කළහ.

 

98 වන ඔස්කාර් සම්මාන උළෙලේ විස්තර ඇතුළත් සම්පූර්ණ ලිපිය කියවන්න පහළින්>>

ඔස්කාර් සම්මාන උළෙල 2026 : ‘One Battle After Another’ චිත්‍රපටයට සම්මාන 6 ක්!

kemadasa

shungara

Back to top
Go to bottom