lan englan tam

පුවත්

වේදිකාවේ ඔබ දකින ඔබව දකින්න; කොළඹ කමත නාට්‍ය උළෙලට ඔබත් එන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කමත කලා කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන, කොළඹ කමත නාට්‍ය උළෙල (2026) මෙවරත්,

මාර්තු 27, 28, 29 යන තෙදින, BMICH, කොළඹ කමත පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

මෙම දින තුන පුරාවට ලාංකේය නාට්‍ය කලාවේ රසය, හැඩය, විවිධත්වය ඔබ හමුවට ගෙන එමින්,

දිවයින පුරා නිර්මාණකරුවන්ගේ සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සමන්විත නාට්‍ය 21 ක් වේදිකාගත වීමට නියමිතයි.

මීට අමතරව, මුළු රට පුරාම විහිදුණු නාට්‍ය වේදීන් සමගින් නාට්‍ය වැඩමුළු, සංවාද, පුහුණු සැසි රැසක් ද මෙවර උළෙලට ඇතුලත්.

මිතුරන්, පවුලේ අය, ආදරවන්තයන් සැවොම සමගින් නාට්‍ය නරඹන්න - නාට්‍ය පිළිබඳව කතාකරන්න - කලාකරුවන් එකට මුණගැසෙන්න - සාමිච්චියේ යෙදෙන්න - දවස ගතකරන්න, ඔබත් එන්න!

ප්‍රවේශ පත්‍ර දැන් ඔබට www.kolambakamatha.com/tickets වෙබ් අඩවිය ඔස්සේ මිලදීගත හැකියි.

උළෙලේ නාට්‍ය හා වැඩසටහන් පෙළගැස්ම පහත පරිදි වේ.

 

656004594 10173811115340103 7677322133002762246 n

655942815 10173811115335103 7489790390430527159 n

656709641 10173811115370103 666605802984462986 n

655117094 10173811115700103 3312799903167733974 n

656164987 10173811115845103 8145080070327398113 n

655440058 17901218307393160 3326806632733762927 n

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න 'Kolamba Kamatha' නිල ෆේස්බුක් පිටුව වෙත.

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom