‘තාත්තා’,‘තෙත් සහ වියළි’, ‘අරුංගල්’, ‘ජීවිතයේ එක් දවසක්’ වැනි ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ හදවත් ස්පර්ශ කළ ටෙලි නාට්‍ය රැසක් මෙන්ම,
සිනමාවෙන් ‘විෂම භාග’ ඔබ වෙත ගෙන ආ සම්මානනීය නිර්මාණවේදී ලලිත් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය “බොම්බයි මොටයි” (Candy Floss) ළඟදීම රිදී තිරයට පැමිණෙන්නට නියමිතයි.

මීට රංගනයෙන් සජිත අනුත්තර, උදාරි පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ආනන්ද කුමාරුන්නැහේ.. ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් එක් වන අතර, සිනමාවට හඳුන්වාදෙන නවක රංගන ශිල්පිනී කෙනොලි සේනාරත්න චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ චානක විමලසිරි සහ රෝෂිකා තෙන්නකෝන් විසින්.
එමෙන්ම ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ‘රිවස්ටන්’ චිත්‍රපටයද අප්‍රේල් මාසයේදී තිරගත වීමට නියමිතව තිබේ.
“බොම්බයි මොටයි” චිත්‍රපටයේ සමනලී ෆොන්සේන්කා ගායනා කරන ‘නුරා කැළුමන්’ ගීතයට සවන් දෙන්න මෙතනින්. - Click Here
මතු දැක්වෙන්නේ “බොම්බයි මොටයි” චිත්‍රපටයේ නළු නිළියන් හඳුන්වාදෙන ඡායාරූප කිහිපයකි.





ඡායාරූප මූලාශ්‍රය - 'බොම්බයි මොටයි - Candy Floss' චිත්‍රපටයේ නිළ ෆේස්බුක් පිටුව ඇසුරිනි.









