ඉදිරියේදී විකාශය වීමට නියමිත, මේ වන විට ලොව පුරා රසිකයන්ගේ ඉහළ අවධානයක් දිනාගෙන ඇති "හැරී පොටර්" (Harry Potter) රූපවාහිනී කතාමාලාවේ පළමු ඡායාරූපය ‘HBO’නාළිකාව විසින් ප්‍රසිද්ධියට පත් කොට තිබෙනවා.
එම පළමු පෙනුම සහිත ඡායාරූපයේ දැක්වෙන්නේ හිම පතිත වන දිනයක තරුණ හැරී (ඩොමිනික් මැක්ලවුලින් මෙම චරිතය නිරූපණය කරයි) ග්‍රිෆින්ඩෝර් නිවාසයේ නිළ ඇඳුමකින් සැරසී ක්විඩිච් ක්‍රීඩා පිටිය දෙසට ගමන් කරන ආකාරයයි.
මීට අමතරව, එහි ඉහළ දකුණු කෙළවරේ "ෆ්‍රෙඩ් සහ ජෝර්ජ්" (වීස්ලි සහෝදරයන්) යනුවෙන් දැක්වෙන බැනරයක් ද දැකගත හැකියි.
‘HBO’ මගින් නිකුත් කළ "හැරී පොටර්" (Harry Potter) රූපවාහිනී කතාමාලාවේ පළමු පෙනුම (first look) සහිත ඡායාරූපය)
එමෙන්ම හෙට දිනයේදී කතා මාලාවේ පූර්ව ප්‍රචාරක පටයක් ද (teaser trailer) නිකුත් කරන්නට නියමිත බවයි සඳහන් වන්නේ.
මේ වන විට ලොව පුරා පිටපත් මිලියන හයසීයකට වඩා අලෙවි වී ඇති ජේ.කේ. රෝලිංගේ සුප්‍රකට 'හැරී පොටර්'" (Harry Potter) ප්‍රබන්ධ කතා මාලාවේ අනුවර්තනයක් ලෙසයි මෙම රූපවාහිනී කතා මාලාව නිර්මාණය වන්නේ.
මීට පෙර නිර්මාණය වූ හැරී පොටර් චිත්‍රපට මාලාව (චිත්‍රපට 08) ලොව පුරා ඇමරිකානු ඩොලර් බිලියන 7කට අධික ආදායමක් උපයා ගැනීමට ද සමත් විය.
මෙම නව රූපවාහිනී කතා මාලාවේ විශේෂත්වය වන්නේ එහි එක් එක් කථා සමයක් (Season) හරහා එක් නවකතාවක් බැගින් ආවරණය කිරීමයි.
'Succession' කතා මාලාවේ රචක ෆ්‍රැන්චෙස්කා ගාර්ඩිනර් (Francesca Gardiner) මෙහි ප්‍රධාන මෙහෙයවන්නිය ලෙස කටයුතු කරන අතර, 'Game of Thrones' හරහා ප්‍රකට වූ මාර්ක් මයිලෝඩ් (Mark Mylod) මෙහි කොටස් කිහිපයක් අධ්‍යක්ෂණය කිරීමට නියමිතයි.
"හැරී පොටර්" (Harry Potter) රූපවාහිනී කතාමාලාවේ පළමුවැන්න මෙම වසරේ දෙසැම්බර් මාසයේදී HBO max හරහා විකාශය විමට නියමිතයි.
"හැරී පොටර්" (Harry Potter) රූපවාහිනී කතාමාලාව පිළිබඳව තවත් ලිපි>>
හැරී පොටර් කතාවෙන් TV Series එකක්: ප්‍රධාන චරිත රඟපාන නළු නිළියන් මෙන්න!









