වර්ෂ ගණනාවකට පෙර විසූ ගෝත්‍රික ජන සමාජයක ජීවිතය හා ප්‍රේමය පිළිබඳව බැඳුනු අපූර්ව කතා තේමාවක චිත්‍රපටයක් වන "ගෝත්‍රා" මාර්තු 27 වනදා සිට දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීම් ආරම්භ වෙනවා.
හදවත ස්පර්ශ කරන ප්‍රේම වෘත්තාන්තයක් පාදක කර ගෙන දිවෙන මේ චිත්‍රපටය, ත්‍රාසය, භීතිය සහ කුතුහලය පිරි සිදුවීම් මාලාවකින් සමන්විතයි.
"ගෝත්‍රා" අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කළේ රවී චන්ද්‍රසිරි විසින් වන අතර,
මීට රංගනයෙන්, නලින් කුමාරසිරි, සංජීවනී අමරතුංග, ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, අනුර බණ්ඩාර රාජගුරු, ජනිත් වික්‍රමගේ, විල්සන් කරුණාරත්න, දිලුක්ෂි වීරපෙරුම, රවි චන්ද්‍රසිරි, නිති සමරනායක, අංජලී ලියනගේ ඇතුළු ප්‍රවීණ හා නවක නළු නිළියන් විශාල ප්‍රමාණයක් මීට දායක වී තිබෙනවා.
චිත්‍රපටයේ විධායක නිෂ්පාදනයෙන් - රාජ් රණසිංහ, කැමරා අධ්‍යක්‍ෂණයෙන් - ජී.නන්දසේන, කලා අධ්‍යක්‍ෂණයෙන් - ක්‍රිශාන්ත දිසානායක, අංග රචනයෙන් - මනෝජ් සෙල්වරාජ් මීට දායක වී තිබෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ පියල් වික්‍රමසිංහ ,අසංක දිසානායක විසින්.
ප්‍රේක්ෂක ඔබත් 27 දා සිට ළඟම සිනමා ශලාවේදී "ගෝත්‍රා" නරඹන්නට එක්වන්න.













