කඩවත බස් නැවතුම්පළ අසල පිහිටි Pothak.lk පරිශ්‍රයේදී එළඹෙන අප්‍රේල් 4 වන සෙනසුරාදා පෙවරු 10.00 ට “මන්දස්මිත කියවුම් කවය” විශේෂ වැඩසටහන පැවැත්වීමට නියමිතය.
මෙහි ප්‍රධාන දේශනය “ලංකාවේ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් කොයිබටද?” යන තේමාව යටතේ විමර්ශනාත්මකව පැවැත්වෙන අතර, ඒ හා සමගාමීව පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනික හා සමාජීය වටපිටාව තුළ සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් ඇති වූ විවිධ සංවාද, ප්‍රතිචාර සහ ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද විවෘත කතිකාවක් සිදු කිරීමට සංවිධායකයන් සැලසුම් කර ඇත.
මෙම කියවුම් කවය හුදෙක් “මන්දස්මිත” පොත පිළිබඳ සාකච්ඡාවකට පමණක් සීමා නොවී, සමාජයේ විවිධ පාර්ශ්වයන් අතර අයිතිවාසිකම්, සමානාත්මතාවය සහ මානව ගරුත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කර තිබේ.
මහජනතාවට වැදගත් වන මෙම සමාජ කතිකාව පුළුල් ලෙස ප්‍රචාරය කිරීම සඳහා මාධ්‍ය ආයතන වෙත ද ඇරයුම් කර සිටින සංවිධායක මණ්ඩලය, සියලු දෙනාට මෙම සංවාදය සඳහා එක්වන ලෙස විවෘතව ආරාධනා කර සිටියි. ඒ අනුව අප්‍රේල් මස 04 වැනිදා සෙනසුරාදා උදේ 10.00 ට කඩවත Pothak.lk පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇත.









