විශිෂ්ට රූපවාහිනී මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන කලා ශිල්පීන් සහ මාධ්‍ය ආයතන ඇගයමින් වසරක් පාසා පවත්වනු ලබන රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ 22 වැනි සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ ෂැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවතියේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් හා කලා තරු රැසකගේ සහභාගීත්වයෙනි.
එදින ඇගයීමට ලක්වූ සම්මානලාභීන් මෙසේය.
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන
විස්මිත විස්කම් – රොෂාන් මධුසංඛ වන්නිආරච්චි (ශ්‍රද්ධා ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන
Sports නම් Supreme – ලිලාන් රුවන්වැල්ල (සුප්‍රීම් ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන
ජීවිතයට විද්‍යාව – කේ. සී. සාරංග (අද දෙරණ)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
යුගාත්‍රා – විමුක්ති රුද්‍රිගෝ (ටීවී දෙරණ)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම
Hotel Transylvania – කාංචන අමරරත්න (සිරස ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන
පුස්කොළ ලිවීම – විරාජ් ධර්මදාස (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන
ත්රීතාල – පමදා සුහර්ෂි සපුතන්ත්‍රී (ස්වාධීන රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය
ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පහළට – රවීනා වික්‍රමතිලක (ස්වර්ණවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කථිකා වැඩසටහන
සිරස Lunch Time TV – ගීත් මධුසංක
(සිරස ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති විකාශය
හිරු ප්රවෘත්ති 6.55 (හිරු ටීවී)
වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන
සිරස Dancing Star – අයේෂා රාජරත්නම් / චන්දිම කරුණාතිලක / ලලිත් ජයතිලක
වසරේ නිර්මාණාත්මකම වරලත් රූපවාහිනී වැඩසටහන
The Voice Sri Lanka (Season 3) – ලිලාන් රත්නායක/ විරාජ් ජයමාන්න (සිරස ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක (සිංහල)
ඉමේෂ් උදයංග සදර්ලන්ඩ් (සිරස ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකා (සිංහල)

රෝෂිණී විජේසූරිය (හිරු ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ)
ධනුෂියා ණසේකරන් (ශක්ති ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංග්‍රීසි)
හෂිණී අමන්දා පතිරණ (TV 1)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්රවේශිකා (සිංහල)
සමිත ප්‍රසන්න ආරච්චිගේ (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්රවේශිකා (දමිළ)
යුවරාජා ගෝකුල්නිරන්ජන් (නේත්‍රා ටීවී)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්රවේශිකා (ඉංග්‍රීසි)
මරියලා වැන්ඩෝර්ට් (ස්වාධීන රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය
වාසනා බණ්ඩාර විජේකෝන් – පැබ්ලෝ (ස්වර්ණවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය
නුවන් විජේසිංහ /පියතිස්ස අකුරම්බොඩ
සසංකාරා (ස්වාධීන රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගතකිරීම
දසුන් ශිරෝෂණ / අමල් වත්තේගෙදර
පැබ්ලෝ (ස්වර්ණවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

චින්තක සෝමකීර්ති – The Lake (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
නාමල් සමරතුංග – The Lake (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය
දර්ශන රුවන් දිසානායක – ඉරගිනි මද්දහන (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
කලණ ගුණසේකර – සීසෝ (රැල්ල බිඳෙනවා හුස්ම ගණින මුහුදේ- ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
සමන්ත පෙරේරා – සසංකාරා (මේ ජීවිතය හරි බරයි)
– ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
සියුමිනි ඔපයංගි – ඉරගිනි මද්දහන ( ඉරක් ගිනිගෙන)
ජාතික රූපවාහිනිය
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා
සුදර්ශන ක්‍රිශාන්ත – පැබ්ලෝ (ආතර්) ස්වර්ණවාහිනිය
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
ප්‍රශා මිෂෙල් – රට පවුල (අප්සරා) ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
වසන්ත මොරගොඩ – සසංකාරා (හේරත් හාමි)
ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
චම්පා ශ්‍රියාණි – සසංකාරා (සිංගි අම්මා)
ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
අකලංක ප්‍රභාෂ්වර – රට පවුල (ධනුක) ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
අප්සරා ගුණතිලක – සසංකාරා (ග්‍රේස්) ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
ප්‍රියන්ත ප්‍රනාන්දු / අරුණ ප්‍රේමරත්න / වසන්ත ලාල්
සසංකාරා – ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
ප්‍රියන්ත ප්‍රනාන්දු – සසංකාරා (ස්වාධීන රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය
මම මා නොව – සමන් ප්‍රියන්ත විජේතුංග (ටීවී දෙරණ)
වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය
මතක මැයි – වසන්ත වීරද්දන (හිරු ටීවී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
සසංකාරා – එච්. ඩී. ප්‍රේමසිරි / චන්න ප්‍රනාන්දු / බන්ධුල ඒකනායක (ස්වාධීන රූපවාහිනිය)
වඩාත් ජනගත රූපවාහිනී මාධ්‍ය වැඩසටහන – හිරු ස්ටාර්
වඩාත් ජනගත රූපවාහිනී ටෙලි නාට්‍යය – පාට කුරුල්ලෝ
වඩාත් ජනගත රූපවාහිනී ප්රවෘත්ති විකාශය
අද දෙරණ Prime Time
වඩාත් ජනගත රූපවාහිනී නාළිකාව – හිරු ටීවී
වඩාත් ජනගත ටෙලි නාට්‍ය නළුවා – සජිත ඇන්තනි
වඩාත් ජනගත ටෙලි නාට්‍ය නිළිය – මිෂෙල් දිල්හාරා
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය – ජහුටා
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා
– චතුරංග කොඩිතුවක්කු
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය – දුශේනි මියුරංගි
ජූරියේ කුසලතා සහතික
මගේමදෝ – සිඟිති – (ස්වාධීන රූපවාහිනිය)
හපන් පැදුර – ස්වර්ණවාහිනි
සියත එක්ක පුංචි ළමයි – (සියත ටීවී)
හරු බස්ස (ඒකාංගික) – මිණිබිරිය – ටීවී දෙරණ
කුසලතා සම්මාන
පුජිත දිසානායක – කැස්බෑවන් රැකගැනීමේ වගකීම අපේය
ජාතික රූපවාහිනිය
රන්ජීවනි බැද්දේවිතාන – යෙලසිය අභිමන් – ටීවී දෙරණ
අභිලාෂි සන්තුෂ්කි – පාවී එන්න ආසයි (හිරු ටීවී)
ප්රණාම සම්මාන – දේවිකා මිහිරාණි
ප්රණාම සම්මාන – ආනන්ද අබේනායක
ප්‍රතිභා ප්‍රභා සම්මාන – ස්වර්ණා මල්ලවආරච්චි
ඡායාරූප – නිශ්ශංක විජේරත්න









