lan englan tam

පුවත්

තිරයේ සතුරා - සැබෑ ජීවිතයේ නිහතමානී මිනිසා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ඔහු පෙනී සිටින කොට අපේ හිත්වලට ඇතිවුණේ ලොකු තරහක්, අකමැත්තක්. ඒ තරමටම ඔහු තමන්ගේ රංගන දායකත්වය අකුරටම ඉටු කළා. විශේෂයෙන්ම සටන් කලාව සහ රංගනය මුසු කරමින් ඔහු මවපු ඒ "දුෂ්ටයාගේ" භූමිකාව අපේ රටේ සිනමා ඉතිහාසයේ නොමැකෙන සලකුණක්.
 
මුල් කාලයේදී ඇතැම් ප්රේක්ෂකයන් ඔහු රඟපාන චරිතය සහ සැබෑ පුද්ගලයා පටලවාගෙන ප්රසිද්ධියේ ඔහුට දොස් කියපු, අමනාපකම් පෙන්වපු අවස්ථා පවා තිබුණා. නමුත් අද වෙනකොට අපිට තේරෙනවා ඒ අපි වෛර කළේ ඔහුට නෙමෙයි, ඔහුගේ අතිවිශිෂ්ට රංගන කුසලතාවයට කියලා. 
 
අද වෙනකොට විවිධ වැඩසටහන්වලදී අපි දකින ක්ලීටස් මෙන්ඩිස් කියන මිනිසා හරිම නිහතමානී, සුන්දර ගතිගුණ තියෙන කෙනෙක්. තිරය ඉදිරියේ දරුණු චරිත මැව්වත්, සැබෑ ජීවිතයේ ඔහු ඉතාමත් ගුණවත් මනුස්සයෙක්. දශක ගණනාවක් තිස්සේ කලාව වෙනුවෙන් ඔහු කළ මෙහෙවර අපේ රටට සම්පතක්. 
 
ඔබ අපේ සිනමාවේ සැබෑ දැවැන්තයෙක්! ඔබට දීර්ඝායුෂ ලැබේවා! 

kemadasa

shungara

Back to top
Go to bottom