පසුගිය දවසක මා දමපු පෝස්ට් එකක් සම්බන්ධව විවිධ අදහස් ලැබී තිබුණා. ඇතැම් අය එය වැරදියට වටහාගෙන තිබුණත්, මම අදහස් කළේ සැබෑවටම කුමක්ද යන්න පැහැදිලි කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.
යුගලයක අනන්‍යතාවය (On-Screen Chemistry)
විජය-මාලිනී, සනත්-සබීතා, ගාමිණී-මාලිනී කිව්වාම අපේ මතකයට එන්නේ ලාංකීය සිනමාවේ අමතක නොවන යුගලයන්. මම අදහස් කළේ චතුරංග සහ දිල්හාරා ඔවුන්ව අනුකරණය කරනවා කියන එක නෙවෙයි. නමුත් කාලයක් යද්දී, එකට නිර්මාණ කරද්දී "චතුරංග" කිව්ව සැනින් "දිල්හාරා" මතකයට එන තරමට සාර්ථක, ජනප්‍රිය තිරයේ යුගලයක් (Iconic On-screen Couple) බවට ඔවුන් පත්වේවි කියන එකයි මගේ විශ්වාසය.
රූපයට එහා ගිය දක්ෂතාවය
සමහරු දිල්හාරාගේ පෙනුම ගැන විවිධ දේවල් කියලා තිබුණා. නමුත් මතක තබා ගන්න, රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට වැදගත්ම දේ "රංගන හැකියාවයි". ලෝකයේ දක්ෂතම නළු නිළියන් බිහි වුණේ ඔවුන්ගේ මෝස්තර නිරූපණ ශිල්පීන් වගේ තිබුණු පෙනුම නිසා නෙවෙයි, අපේ ජීවිතවල මුණගැසෙන සාමාන්‍ය මිනිසුන්ගේ චරිත ඒ විදියටම රඟපාන්න ඔවුන්ට තිබුණු දක්ෂතාවය නිසයි.
සැබෑ ලස්සන මට නම් දිල්හාරා ඉතාමත් ලස්සන, දක්ෂ සහ ආදරණීය නිළියක්. ඇගේ රංගනයන් තුළ තියෙන ජීවමාන ගතියට මම ගොඩක් කැමතියි.
කලාවේ විවිධත්වය ලෝකයේ හැමෝම එක වගේ වෙන්නේ නැහැ. කලාව ලස්සන වෙන්නේ මේ විවිධත්වය නිසයි. හැකියාව තියෙනවා නම්, ඕනෑම කෙනෙකුට තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න පුළුවන්.
විවේචනය කරන එක ලේසියි, නමුත් කෙනෙක් තමන්ගේ දක්ෂතාවයෙන් ඉහළට එන එක අගය කරන්න පුරුදු වෙමු. දිල්හාරා සහ චතුරංගට ඔවුන්ගේ ගමන සාර්ථකව යන්න මම සුබ පතනවා
face book පිටුවෙන්









